தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ගෘහසේවිකාවකගෙ මිනියවත් ගෙන්වා ගන්න බැරි පාලනයක් රටට මොකටද? - නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෘහසේවිකාවකගෙ මිනියවත් ගෙන්වා ගන්න බැරි පාලනයක් රටට මොකටද? – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය



ගෘහ සේවයට ගිහින් දුක්විඳ මරාදැමූ පසුව මළමිනියක් ගෙදරට ගෙන්වාගන්න බැරි පාලනයක් රටකට අවශ්‍යදැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ප‍්‍රශ්න කරයි.

‘ලංකාවීව්ස්‘ වෙත අදහස් දක්වමින් එම සංවිධානයේ ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න පැවසුවේ විදේශ රැකියාවලින් වාර්ෂිකව වැඩිම විදේශ විනිමය පංගුව රටට උපයා දෙන විදේශ වහල් ශ්‍රමිකයන් වන ගෘහසේවිකාවක් මරා දැමුණු පසුව මල සිරුර ගෙන්වා ගැනීමටවත් පාලකයන් වගකීමෙන් මැදිහත් නොවන බවය. ධනපති පාලකයන් ලාභය මත සියල්ල තීරණය කරන සමාජයක් පවත්වාගෙන යනවා මිස ජනතාවට වගකියන්නේ නැති බව මෙයින් තහවුරුවන බවද ඇය ප්‍රකාශ කළාය. පසුගියදා වාර්තා වූ ගෘහසේවිකා මරණ සිදුවීම් දෙකක් සම්බන්ධව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින්අ ද (18) මාධ්‍ය හමුවක් කැදවා තිබිණි.   නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් වෙනුවෙන් ජාතික සංවිධායිකා හේමමාලී අබේරත්න එහිදී අදහස් දක්වමින් හේමමාලී අබේරත්න‍ෙ මෙසේ කියා සිටියාය.

”මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයෙදී විදේශ රැකියාවට ගිය සහෝදරියකගේ මළසිරුරක් ලංකාවට ගෙනාවා. ඒ අතර පසුගියදා වෙඩිතියලා මරා දාපු ප‍්‍රියන්තා ජයසේකර සොයුරියගේ මළසිරුර ගෙන්වා ගන්නට නොහැකි ගැටලූ ගණනාවක් මතුව තිබෙනවා. විදේශ රැුකියාවලට යන කාන්තාවන්ට මේ වගේ ජීවිත අවදානමක් දිගින් දිගටම මතුව තිබෙද්දී ජනාධිපතිට අගමැතිට ඇමතිට වගේ වගක් නැහැ. අපි දන්න විදියට, වැඩිම විදේශ විනිමය ආදායම රටට ලැබෙන්නෙ, මේ විදියට ගෘහ සේවයට යන කාන්තාවන් නිසා. හැබැයි මේ කාන්තාවන්ට විඳින්න වෙන පීඩාවන්, ඔවුන්ගෙ ජීවිතවලින් වන්දි ගෙවන්න වෙන එක ඒ සම්බන්ධ කිසිම ගැටලූවකට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ සේවා අමාත්‍යංශයට විසඳුම් නෑ. ප‍්‍රහ්නයක් එදිද ඒක තමන්ට අදාළ නෑ වගේ කතාවක් කියලා මග හරින්න හැකි වෙලා තියෙනවා.

පසුගිය 10වැනිදා වෙඩි තියලා මරා දැමූ ප‍්‍රියන්තා ජයසේකර කියන්නෙ තිදරු මවක්. ඇය විදේශ සේවයට ගිහින් අවුරුදු 19කට වැඩියි. ඇය විදේශගතවන විට ඇගේ වැඩිමල් දියණියට අවුරුදු එක හමාරයි. එයාට දැන් අවුරුදු 21ක්. බාල දියණියට දැන් අවුරුදු අටයි. ඇගේ පපුවෙ සිදුරක් තියෙනවා කියලා වෛiවරු කියනවා. ප‍්‍රියන්තාගෙ ස්වාමි පුුරුෂයා, උපුල්ගෙ අත බෝරෙකට අහුවෙලා දැන් වැඩ කරන්න බෑ. ආර්ථික ප‍්‍රශ්න විසඳාගන්න කියලා තමයි පි‍්‍රයන්තා විදේශ රැුකියාවකට ගියේ. ඇගේ දරුවන් තුන්දෙනාටත් සැමියටත් තියෙන ප‍්‍රශ්නය තමයි ඇයට වෙඩි තියලා මැරුවෙ ඇයි? මොකටද මැරුවෙ? ඒ ප‍්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕන. එහෙම තියෙද්දි ආණ්ඩුවේ ඇමතිවරු ඇවිල්ලා, ‘අපිට හරිම දුකයි’ කියලා යන්න යනවා. අපිට තියෙන ප‍්‍රශ්නය තමයි ආණ්ඩුවෙ අය ඇවිත් මේ දුක්වෙන අයට දුක කියන්නෙ මොකටද? අනෙක් පැත්තෙන් රටේ ජනාධිපති ඉන්නෙ මොකටද? අගමැති කෙනෙක් ඉන්නෙ මොකටද?

මාර්තු 8 වැනිදා මළසිරුරක් ලෙස ලංකාවට ආව වල්ලිඅම්මා මැරුණෙ 2015 දෙසැම්බර් 5 වැනිදා. ඥාතින්ට ආරංචිය ලැබුණෙ 2016දි. ඒ සේරම වෙලා මලසිරුර ගෙනාවෙ 2018 මාර්තු 8 වැනිදා. ඇගේ ලොකු පුතා එලිවේන්ද්‍රන් මීගමුව රෝහලනේ ඞී.එන්.ඒ. පරික්ෂනයක් ඉල්ලනවා, එයාගෙ අම්මගෙම සිරුරද කියලා තහවුරු කරගන්න. ඒ පරික්ෂණයට මොකද වෙන්නෙ කියලා විදේශ සේවා කාර්යාංශයෙ නිලධාරින්ගෙන් ඇහුවම ඒ ගොල්ලා කියන්නෙ අපට එක අදාල නෑ, ඒක මීගමුව රෝහලේ අහන්න කියලා. මීගමුව රෝහලෙන් ඒ ගැන ඇහුවම කියන්නෙ අපට අදාළ නෑ, විදේශ සේවා එකෙන් අහන්න කියලා. අපට තියෙන ප‍්‍රශ්නය තමයි, දැන් මේ ප‍්‍රශ්නය අදාළ වෙන්නෙ කාටද?

වල්ලි අම්මා පිටරට සේවයට යද්දි ධනරාජ්, පොඩි පුතාට අවුරුදු 10යි. අද ඔහු මානසික රෝගියෙක්. ඒ ප‍්‍රශ්නවලට කවුද මැදිහත් වෙන්නෙ? මොන පාලකයටද මේවට උත්තර තියේනෙ? අඩුම තරමින් එලිවේන්ද්‍රන්ගෙ අම්මගෙ මිනිය ආවට පස්සෙ අදාළ මැදිහත්වීම කරන්න බැරි පාලකයො බොරුවට ගෙවල්වලට ගිහිල්ලා කිඹුල් කඳුලූ හෙළනවා. අපි අහන්නෙ ප‍්‍රියන්තාගෙ මරණයට වගකියන්න ඕන සෞදි රජයයි අපේ පාලකයොයි කායි විදියටද ඒ ගැන සාකච්ඡුාව අරගෙන තියෙන්නෙ?

අපි දන්නවා එහෙම මැදිහත්වීමක් අපේ රටේ පාලකයො කරන්නෙ නෑ. ඊයෙ වඳුරඹදි හරින් ප‍්‍රනාන්දු ඇමතිවරයා කිව්වෙ මෙකක්ද? ‘සෞදිය නීති තද රටක්. විශේෂයෙන්ම ෂරියා නීතිය තියෙන රටක්. ඒ නිසා ඒ වගේ කාරණාවලදි අපට මැදිහත් වෙන්න තියෙන ඉඩ හරි අඩුයි’ කියන එක ඇමතිවරයා ඥාතින්ට කිව්වා. එහෙම නං අපි අහන්නෙ අපේ රටේ කාන්තාවන් ඒ වගේ රටවලට යවන්නෙ ඇයි? තම රටේ සිට ගිය ගෘහසේවිකාවක් මරා දැමුවට පස්සෙ පිලිපීන ජනාධිපතිවරයා ගත් තීන්දුවවත් මේ පාලකයන්ට ගන් කියලා අභියෝග කරනවා. මේ වගේ ප‍්‍රශ්නයකදි මැදිහත් වෙද්දි, මගේ ආත්මය යක්ෂයාට ගියාදෙන්. මම පිලිපීනයෙ කාන්තාවො ගෙන්වා ගන්නවා. අපේ රටේ පාලකයන්ට අපි අභියෝග කරනවා අඩු ගානෙ ඒ ආදර්ශයවත් ගන්න කියලා.”

—————-
මෙම මාධ්‍ය හමුවට විදේශ ගෘහසේවයට ගොස් පසුගිය 8වැනිදා මලසිරුරක් ලෙස මෙරටට ගෙන ආ සුප්පයියා වල්ලි අම්මාගේ පුතුන් දෙදෙනා වන නාඩරාජා එලිවෙන්ද්‍රන් සහ නාඩරාජා ධනරාජ් සහභාගී වූහ‍. මාධ්‍ය වෙත අදහස් පළ කළ සුප්පයියා වල්ලිඅම්මාගේ වැඩිමහල් පුත‍්‍රයා නඩරාජා එළිවේන්ද්‍රන් මෙසේ ප‍්‍රකාශ කළේය.

“1995 පිටරට රස්සාවට ගිය අම්මා අවුරුදු 2ක් අපි එක්ක සම්බන්ධතාව තිබුණාත ඒ ලියුම්වලින්. ඊට පස්සෙ අපට කිසිම තොරතුරක් හොයාගන්න බැරි වුණා. තාත්තා ගොඩක් මහන්සි වුණා අම්මා ගැන තොරතුරු හොයාගන්න. ඒකට අදාළ හැම ආයතනයකටම ගියා. තොරතුරු හොයාගන්න තාත්තාට හැකි වුණේ නෑ. ඊට පසුසෙ මමත් 2003 ඉදලා 2006 වෙනකම් අවුරුදු 3ක් අම්මා ගැන හොයන්න මැදිහත් වුණා. විදේශ රැුකියා අමාත්‍යංශයටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් පැමිණිලි කළා. ඒත් කිසිම උත්තරයක් ලැබුණෙ නෑ. 2016 මාර්තු 11 වැනිදා, ග‍්‍රාමදේවකගෙන් පණිවිඩයක් ආවා, සුප්පයියා වල්ලිඅම්මා කියලා කෙනෙක් මැරිලා, ඒ ඔයාලගෙ කවුරුහරිද කියලා, තහවුරු කරන් කිව්වා. තියෙන ලේඛන ඉදිරිපත් කරන්න කිව්වා. එගොල්ලා ඉල්ලපු ලේඛන ලබාගන්නත් මාස 6ක් විතර ගියා. මාස 6-7කට පස්සෙ ඒ ලේඛන හොයලා යැවුවා. ඒ ලේඛනත් ලබාදීලා මාස ගානකට පස්සෙ තමයි මළසිරුර ලංකාවට එව්වෙ. මට එකපාරටම මේ මගෙ අම්මා කියලා හදුනාගන්න බෑ. අවුරුදු 23කට කළින් ගිය කෙනෙක් කොහොමද එකපාරට අඳුනාගන්නෙ? ඒ නිසයි මම ඞී.එන්එත් පරික්ෂණයක් ඉල්ලූවෙ. තාමත් ඒ පරික්ෂනය කරලා නෑ. ඒකට උත්තර නෑ. දැන් මේක කියන්න ඕන කාටද? මෙකෙ ප‍්‍රශ්නය කාගෙද? නිලධාරින් හැසිරෙන්නෙ මේක අපේ ප‍්‍රහ්නයක් වගේ. විදේශගතවන හැම කෙනෙකුටම මේකයි වෙන්නෙ. මේකට වගකියන්න ඕන කවුද කියලා ඕගොල්ලම කියන්න.”