தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
දේශපාලන අර්බුදය හා අස්ථාවරත්වය නිසා ආයෝජකයන් බිලියන 30ක් ඉවත් කරගෙන! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන අර්බුදය හා අස්ථාවරත්වය නිසා ආයෝජකයන් බිලියන 30ක් ඉවත් කරගෙන!



මෙරට දේශපාලන අර්බුදය ආරම්භ වූ ඔක්තෝබර් 26 වැනි දා සිට ගෙවුණු සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගන්නට විදෙස් ආයෝජකයන්  කටයුතු කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස නම් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත තත්ත්වය මෙසේ ආයෝජන ඉවත් කරගැනීමට හේතුවූ බව විශේෂඥයන් උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරයි.

මේ අතර නොවැම්බර් 14 වැනි දා වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගිය සතියේදී පැවැසීය. ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක් වන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.