தமிழ்
English
Contact
Monday 6th May 2019    
දේශපාලන සිරකරුවන් නිදහස් කරනු-කුමාර්ගේ පුරවැසි අයිතිය පිලිගනු! කොළඹ කොටුවේ විරෝධතා රැළියක්.... | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු-කුමාර්ගේ පුරවැසි අයිතිය පිලිගනු! කොළඹ කොටුවේ විරෝධතා රැළියක්….



ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ගෙන ගිය අරගලය කොල්ල කා බලය ලබාගත් රනිල් මෛත්‍රී හවුල් පාලනය විසින් ජනතාවට නැවතත් ලබා දී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත පෙන්වා දෙයි.

ඔහු මේ බව පැවසුවේ කුමාර් ගුණරත්නම් නිදහස් කිරීම හා පුරවැසිභාවය පිළිගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිිරීම හා මර්දනය නැවතීම වෙනුවෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා උද්ඝෝෂකයෝ‘ විසින් අද දින සවස 3.00ට කොළඹ කොටුවේ පැවැති විරෝධතා රැලිය අමතමිනි.

මෙම විරෝධතා රැළිය සදහා ඔවුන් පැමිනියේ උද්ඝෝෂන පාගමනකිනි. වමේ පක්ෂ, සිවිල් සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාරය හා වෘත්තිය සමිති ක්‍රියාකාරින්ගෙන් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදය සදහා උද්ඝෝෂකයෝ මරදාන එල්ෆින්ස්ටන් රගහල අසළ රැස්වී සටන්පාඨ කියමින් විරෝධය පළ කළහ. මෙම විරෝධතා ව්‍යාපාරයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, සමාජවාදී පක්ෂය, විප්ලවීය සමාජවාදී සංගමය, ප්‍රැක්සිස් සාමුහිකය, වමේ හඩ සංවිධානය, අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, ඒකාබද්ධ, රැකියා විරහිත උපාධිධාරී සංගමය යන සංවිධානවල නියෝජිතයෝ සහබාගි වූහ.

cfd_fort-rally-1 cfd_fort-rally-2 cfd_fort-rally-3 cfd_fort-rally-4 cfd_fort-rally-5 cfd_fort-rally-6 cfd_fort-rally-15 cfd_fort-rally-16

ඔවුන් විසින් හඩ නගා කී සටන්පාඨ මෙසේය.

“මොකක්ද මේ –     විරෝදේ

ජනතාවගෙ   –        විරෝදේ

වසර ගණන්  –        සිරගත කළ

අය වෙනුවෙන්       – විරෝදේ

පච හල හල –        රට රවටන

පාලනයට     –        විරෝදේ

කරව් කරව්   –        නිදහස් කරව්

පමා නොවී   –        නිදහස් කරව්

දේශපාලන   –        සිරකරුවන්

සියලූ දෙනා   –        නිදහස් කරව්

අපට  ඕන     –        සමගිය

පීඩිතයගෙ     –        සමගිය

සිහල තමිල්   –        මුස්ලිම් හැම

එකට ඉන්න  –        සමගිය

මොකක්ද මේ  –  උදහස

රනිල්ලාගෙ –  උදහස

මොකක්ද මේ – උදහස

මෛත‍්‍රිලගෙ –    උදහස

ආණ්ඩුවට     –        හීලෑ නැති

අයටයි මේ    –        උදහස

සටන් වැදී     –        දිනා ගනිමු

අපට උරුම   –        නිදහස

ඉල්ලන්නේ  –        අයිතිය

දේශපාලන   –        අයිතිය

උදුර ගන්නෙ –        අයිතිය

රටේ ඉන්න   –        අයිතිය

ජනතාවගෙ   –        අයිතිය

ප‍්‍රජාතන්ත‍්‍ර     –        අයිතිය

කුමාර්ගෙ      –        අයිතිය

දේශපාලන   –        අයිතිය

කරව් කරව්   –        නිදහස් කරව්

ගුණරත්නම්  –        නිදහස් කරව්

ගනිව් ගනිව්   –        හකුල ගනිව්

පලිගැනීම     –        නතර කරව්

අලූත ආපු     –        ආණ්ඩුවක්

මේක මුහුං    –        ආණ්ඩුවක්

පරණ පාරෙ  –        අපූරුවට

රට ගෙන යන    –   ආණ්ඩුවක්

මහින්දගේ     –        දඩයම

පැරැුද්දුවද   –        දඩයම

ආයේ ඇවිත් –        දඩයම

යහපාලන     –        දඩයම

සැමට  ඕන   –        අයිතිය

දේශපාලන   –        අයිතිය

සැමට  ඕන   –        අයිතිය

ජීවත්වන      –        අයිතිය

කරමු කරමු   –        සටන් කරමු

රැුකගන්නට –        සටන් කරමු

පීඩිත ජන     –        අයිතිය

දිනා ගන්න    –        සටන් කරමු

රනිල් රනිල්  –        මේ අහපන්

සිරිසේනත්    –        කන්දීපන්

වෙන නමකින්     – උඹල ගේන

ත‍්‍රස්ත පනත   –        හකුළ ගනිං

මර්දනයට     –        හදන නීති

තර්ජනයට    –        හදන නීති

ජනතාවට     –        එරෙහි නීති

හකුළ ගනිං    –        හකුළ ගනිං!“

ඉන්පසුව විරෝධතා පාගමනකින් ගොස් කොළඹ කොටුව බෝගස ඉදිරියට රැස්වූහ. විරෝධතා රැස්වීම පැයක පමණයක් පවත්වා ඔවුහු විසිර ගියහ.

cfd_fort-rally-14 cfd_fort-rally-12 cfd_fort-rally-10 cfd_fort-rally-9 cfd_fort-rally-8 cfd_fort-rally-7cfd_fort-rally-17