தமிழ்
English
Contact
Friday 3rd May 2019    
මෛත්‍රීගෙන් දේශපාලන සිරකරුවන් ගැන ගුණමකු ප්‍රකාශයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මෛත්‍රීගෙන් දේශපාලන සිරකරුවන් ගැන ගුණමකු ප්‍රකාශයක්



මේවනවිට ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමක් ඇති බවත් ඔවුන් නිදහස් කරන්නේ නම් හමුදා සාමාජිකයන්ට විරුද්ධව ඇති නඩුවලින්ද ඔවුන්ව නිදහස් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් පසු සිදුකරනලද විශේෂ ප්‍රකාශයේදී ජනාධිපතිවරයා පවසා තිබේ.

එසේම ඔහු පවසන්නේ ” අද ජාත්‍යන්තරය කියන විදිහට අපේ හමුදාවන්ට දඬුවම් කරන්න ඕනා, හැබැයි අපේ හමුදාව විනාශ කරපු ප්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඬුවම් නැහැ. හමුදාවට දඬුවම් දෙනවනම් ඒ අයටත් දඬුවම් දෙන්න ඕනා. එහෙම නැත්තම් දෙපැත්තටම දඬුවම් නොදීමේ එක්නහගතවයකට එන්න අවශ්‍යයි.”

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යනු මෛත්‍රී බලයට පත්වන අවස්ථාවේ ඉදිරිපත්වූ ප්‍රධානම පොරොන්දු අතරින් එකකි. දේශපාලන සිරකරුවන් බොහෝ දෙනෙකුට නිසි පරිදි චෝදනා ගොණු කොට නඩු පැවරීමක් හෝ නොකොට වසර ගණනාවක් රඳවාගෙන සිටියි . ඔවුන් බොහෝ දෙනෙක් සැක කිරීම මත අත්අඩංගුවට පත්වූවන් හෝ එල්ටීටී සාමාජිකයන් වීම නිසා පමණක් අත්අඩංගුවට පත්වූවන් වේ. ඔවුන් ඉල්ලා සිටින්නේ නිදහස් නොකරන්නේ නම් අවම වශයෙන් නඩු කටයුතු සිදුකර දඬුවම් පමුණුවන ලෙසයි. නමුත් අපරාධ චෝදනා ලබා සිටින හමුදා සාමාජිකයන්ට විරුද්ධව මේවනවිටත් නඩු කටයුතු සිදුවෙමින් පවතියි. එසේම සමහරක් හමුදා සාමාජිකයන්ටට එල්ලවූ චෝදනා ඔප්පු වී තිබේ. මේ අනුව මේ දෙපිරිස සමාන වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවේ. එසේම මෛත්‍රී තමන් දුන් පොරොන්දු අමතක කිරීමට තරම් ගුණමකු වී ඇති බව පැහැදිලිය.