Posted on 02.04.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් පසුගිය කාලයේ අතුරුදන්වූවන් ගැන සත්‍ය හෙළිකරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් ‘සම අයිතිය ව්‍යාපාරය‘ අද යාපනය නගරයේ විරෝධතාවක් පැවැත්වීය.
මේ දක්වා චෝදනා නැතිව, බන්ධනාගාරවල රදවා සිටින දේශපාලන සිරකරුවන් සමබන්ධයෙන් ඔවුන්ගේ ඥාතින් විසින් මෙන්ම විවිධ මානව හිමිකම් සංවිධාන විසින් වසර ගණනක් සිදුකරන ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් දී නැත. 2015 හවුල් ආණ්ඩුව පත්වීමට පෙරාතුව මැතිවරණ පොරොන්දුවක් ලෙසද රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබද අදහස් දක්වන ලදී.