தமிழ்
English
Contact
Monday 6th May 2019    
දේශපාලන සිරකරුවන් පිළිබඳ සාකච්ඡාවෙන් පසු අයවැය ගැන තීරණයක් ගන්නවා - සුමන්තිරන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලන සිරකරුවන් පිළිබඳ සාකච්ඡාවෙන් පසු අයවැය ගැන තීරණයක් ගන්නවා – සුමන්තිරන්



ලබන වසර සඳහා වූ රජයේ අයවැයට සහාය වන්නේද නැතිද යන්න ජනාධිපතිවරයා සමඟ හෙට (17) සිදුකරන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

යාපනයේ පිහිටි සිය නිවසේ අද( 15 ) මාධ්‍ය හමුවක් කැඳවමින් රජය දුන් පොරොන්දු බොහොමයක් ඉටු නොකිරීම නිසා අයවැයට සහාය පළ නොකරමින් එය ප්‍රතික්ෂේප කළ යුතුයි යන අදහස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් තුළ පවතින අදහසක් බවද එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කර ඇත.

අයවැය සම්බන්ධයෙන් කුමන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කරන්නේද යන්න ගැන ඔවුන් මෙතෙක් තීරණය කර නොමැති බවත් 17 වනදා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී කුමන ආකාරයේ තීරණයක් ගනීවිදැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා පවසයි.

එසේම ජනාධිපතිවරයාගේ එම සාකච්ඡාවෙන් පසු දෙමළ ජාතික සන්ධානය ඔහු සමඟින් සිදුකිරීමට නියමිත සාකච්ඡාව එදින (17) කියූ පරිදි සිදුවේද නැතහොත් වෙනත් දවසක සිදුවේද යන්න හරියටම නිශ්චිත නැති බව පැවසේ.

බන්ධනාගාර ගතකර සිටින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බලකරල ලබන 25 වනදා පාර්ලිමේන්තුවට කල් තැබීමේ විවාදයක් ගෙන එන්න දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ව කටයුතු කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එසේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “ඔවුන්ව එකවරම නිදහස් කියලා ඒ සිරකරුවන් කියන්නෙ නැහැ. තමන් වරද පිළිගන්නවා දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතකොට සිටි හේතුව මත ඔවුන්ව පුනරුත්තාපනය කරල නිදහස් කරන්න කියලයි ඔවුන් ඉල්ලන්නේ. “