Posted on 05.17.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
වසංගතය හේතුවෙන් ජනතාවට බෙදා හරින සහන ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියට පහරදී ඇත.
කොවිඩ් ව්‍යාප්තිය නිසා පීඩිත ජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මල්ල බෙදා දීමේදී සිය ඥාතීන්ට අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙසේ පහරදී ඇතැයි චෝදනා එල්ලවී ඇත.
මෙ ආකාරයෙන් ප්‍රහාරයට ලක් වූ ග්‍රාම නිලධාරීවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටී. කෙසේවතත් පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත යුතු බවට බලකරමින් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත සියලු ග්‍රාම නිලධාරීහු අද (17) රාජකාරියෙන් ඉවත්ව ගියහ.