Posted on 01.22.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඊයේ දිනයේදී මෙතෙක් මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 887කි. මීට පෙර මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූයේ 878කි. එය වාර්තා වූයේ 2020 දෙසැම්බර් 02 වෙනිදායි.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් 887 දෙනා අතරින් බන්ධනාගාර පොකුරෙන් ද ආසාදිතයින් 7කුත් විදෙස් රටවලින් පැමිණි අය අතරින් 14 දෙනෙකුත් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.