Posted on 09.25.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
එක්සත් ජාතීන්ගේ සමුළුව අවසානවීමත් සමග එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ගේ මූලිකත්වයෙන් ඉන්දු පැසිෆික් කලාපීය දේශපාලනය සම්බන්ධ මැදිහත්වන ‘ක්වඩ්’ සංවිධානය රැස් වූ බව විදේශ මාධ්‍ය විසින් වාර්තා කරණ ලදී.
එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානයේ නායකත්වයෙන් සෑදුණු මෙම සංවිධානය සිය අරමුණ ලෙස ප්‍රකාශ කළ දෙයින්ම ඔවුන්ගේ හමුවේ සැබෑ අරමුණ ප්‍රකාශ වේ. “අපි සැම විටම බලහත්කාරයෙන් නිදහස් වීමට කැමති කලාපයක් වන ඉන්දු-පැසිෆික් කලාපයේ, සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතීන්ට ගරු කරන සහ ආරවුල් සාමකාමීව හා ජාත්‍යන්තර නීතියට අනුකූලව විසඳන කලාපයක්” යනුවෙන් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසන ලදී.
ජෝ බයිඩන් ඊයේ(24) ධවල මන්දිරයේදී පවසා තිබුණේ කෝවිඩ් අභියෝගයේ සිට දේශගුණ ගැටලු සහ තාක්ෂණයේ නව වෙනස්කම් ඇතුලු ‘නැගී එන යුගයේ අභියෝග භාරගැනීමට තමන් එක්ව සිටින බව’ ය.
මේ කිසිදු නායකයෙක් ධවල මන්ධිරයේ සිට තමන් කතා කළ දේ ගැන මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කරද්දී චීනය සම්බන්ධ වචනයක් පවා පිට නොකළ නමුත් මේ අභියෝගය ලෙස ඔවුන් පවසන්නේ චීනය බව කිසිදු විවාදයක් නැත.