Posted on 10.16.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති රුසියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක් සහ සබ්මැරීන් දෙකක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නිලධාරීන් විසින් අද (16) පෙරවරුවේ නිරීක්ෂණය කර ඇත.
රුසියානු පැසිෆික් නාවික බලඇණියට අයත් මෙම නෞකාව සහ සබ්මැරීන් දෙක කොළඹ වරායෙන් තෙල් ලබාගැනීම ඇතුළු සේවා සපයා ගැනීම සඳහා පැමිණ ඇත. සාගර මෙහෙයුමක නිතරව සිටින අතරතුරදී මෙසේ කොළඹ වරායට ඇතුළු වූ මෙම නෞකාව සහ සබ්මැරීන් දෙකන නිල වශයෙන් පිළිගැනීම සඳහා නාවික හමුදාපතිවරයා නිරීක්ෂණ චාරිකාවේ නිතර වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.
මෙම යුද නෞකාව සහ සබ්මැරීන් සිය සේවා සපුරාගැනීමෙන් පසුව අද දිනයේම වරායෙන් පිටව යෑමට නියමිත බව අනාවරණය විය.
පසුගිය කාලයේ අමෙරිකානු යුද,ගුවන් හා නාවුක හමුදා ඉන්දිය සාරයේ මෙහෙයුම්වල යෙදෙන අතර ලංකාවේ සේවා සහාය ලබා ගෙන ඇත. ඊට අමතරව ඉන්දිය හමුදා යාත්‍රා මෙන්ම පාබල බල ඇණි මෙරට පුහුණු මෙහෙයුම්වලට සම්බන්ධ වෙමින් සිටී. මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය එක්ව පිහිටුවා ගෙන ඇති QUAD සන්ධානය කලාපයේ යුද බලය සම්බන්ධ නව වර්ධනයකි. මේ වනවිට චීනය හා රුසියාව අවධානයෙන් සිටින මෙම යුද බලතුලනය සම්බන්ධ ක්‍රියාදාමයක් එම රාජ්‍යයන් විසින්ද ක්‍රියාත්මක කරනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයෝ අනාවැකි පළකර ඇත.
