Posted on 09.09.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
US Open ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගයෙන් සෙරීනා විලියම්ස් පරදා නඕමි ඔසාකා ජය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ නිව්යෝර්ක් නුවර පැවැත්වුනු US Open ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් තරගය සෙරීනා විලියම්ස් හා ජපානයේ නඕමි ඔසාකා පැවැත්විනි. එම තරගයේදී නඕමි ඔසාකා විසින් සෙරීනා විලියම්ස්ව තරගවට 6-2 6-4 ලෙස පරාජයට පත්කරනු ලැබූවාය.
තරග පරාජයෙන් පසුව සෙරීනා විලියම්ස් සිය පරාජය විනිසුරුවරයාගේ වරදක් බවත් තම ජයග්‍රණය විනිසුරුවරයා සොරකම් කළ බවට චෝදනා කරමින් තරගය අවසන්වීමෙන් පසුව විනිසුරුවරයාට අතට අතදීම පවා ප්‍රතික්ෂේප කරමින් සිය විරෝධය පළකර ක්‍රීඩා පිටියෙන් පිටවගොස් තිබේ.
ජපාන ටෙනිස් ක්‍රීඩිකාවක් විසින් එ. ජනපද US Open ටෙනිස් තරගාවලියකදී ප්‍රථම පරාජයට පත්කරන ලැබූ අවස්ථාව ලෙස මෙම තරගය වාර්තාවේ.
නඔමි ඔසාකා ජපාන ක්‍රීඩිකාව සිය පළමුවර මෙවර ටෙනිස් තරගාවලියේ අවසන් තරගයට තේරී පත්වුනු අතර එම අවස්ථාව ජයග්‍රහයෙන් අවසන් කිරීමට සමත්වීනි.
ජාත්‍යන්තර වශයෙන් ඇය කෙරෙහි අවධානයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.