தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
සෙරීනා විලියම්ස් හා නඕමි ඔසාකා US Open අවසන් වටයට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සෙරීනා විලියම්ස් හා නඕමි ඔසාකා US Open අවසන් වටයට



නිව්යෝර් නුවර පැවැත්වෙන  US Open ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් තරගය පිවිසීමට සෙරීනා විලියම්ස් හා ජපානයේ නඕමි ඔසාකා සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නඕමි ඔසාකා විසින් ඊයේ දිනයේදී එ. ජනපදයේ මැඩිසන් කේයි තරගවට 6-2 6-4 කින් පරාජය කර එම තරගය ජය ගැනීමට සමත්වීමත් සමග ජපාන ක්‍රීඩිකාවක් US Open ටෙනිස් තරගාවලියක කාන්තා කේවල අවසන් වටයට පිවිසි පළමු තැනැත්තිය බවට පත්වූවාය.

ඊයේ පැවැති තවත් තරගයකින් සෙරීනා විලියම්ස් විසින් ලැට්වියානු ක්‍රීඩිකා ඇනස්ටාසියා සෙවන්කෝවා තරග වට 6-3 6-0 කින් පරාජය කිරීමට සමත්වීමත් සමග ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.

මේ අනුව සෙරීනා හා නඕමි ඔසාකා අතර  US Open කාන්තා කේවල අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබේ.