Posted on 04.17.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විදේශ රටවලදී ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව නඩු පවරා ඇත්තේ ඔහුට ඇති බිය නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
අද(17) බෙල්ලන්විල රජමහ විහාරයේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගි වීමෙන් පසුව හිටපු ජනාධිපිවරයා මාධ්‍යවේදින් විසින් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දී ඇත්තේ නඩුපවරන්නේ ගෝඨාභය ගැන තිබෙන බිය නිසා බව සදහන්කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයා අනියමින් පවසා ඇත්තේ තම සහෝදරයා බිය උපදවන පුද්ගලයකු බවය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර ලෙස හිටපු ජනාධිපතිවරයාට විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත්වුවද ඔහු ඒ් පිළිබද අවධානයක් යොමු කළේ නැත. කෙසේවෙතත්, ගෝඨාභය බියජනක පුද්ගලයකු ලෙස ප්‍රචාරක ව්‍යාපාර ගෙනයන ඒ.ජා.ප. සම්බන්ධ පුද්ගලයන්ට හා සංවිධානවලට අවශ්‍ය ආකාරයෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය විරෝධී ප්‍රචාරද වාසියට පෙරළා ගනිමින් තමන් ගෝඨාභයට වඩා යහපත් දේශපාලකයකු බව අනියමින් හුවා දක්වමින් සිටී.