Posted on 04.23.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා බුද්ධි සේවාවන් ශක්තිමත්ව ගොඩනගමින් සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්‍ෂාව සහතික කරනු ලැබූ ගෞරවණීය අතීතය අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත්‍රවීම හරහා තමන් තුළ කම්පනයක් ඇතිවූ බව ගෝඨාභය රාජපක්‍ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ කොටසක් පහත දැක්වේ “ලොවපුරා කිතුණු බැතිමතුන්ට අතිශය සංවේදී දිනයක් වන පාස්කු ඉරිදාවේ ශ්‍රී ලංකාව තුළ සිදුවූ ත්‍රස්ත ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීම සහ හෙළාදැකීම ශිෂ්ටසම්පන්න සමාජයක මූලික වගකීමක් වේ. මෙම අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවෙන් ජීවිත අහිමිවූ සියලු දෙනා වෙත මම මාගේ සාතිශය කනගාටුව ප්‍රකාශ කරන්නෙමි.
ලොව ප්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා බුද්ධි සේවාවන් ගොඩනගමින් සිහළ, දමිළ, මුස්ලිම් ප්‍රධාන සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කරනු ලැබූ ගෞරවනීය අතීතය, අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත්‍රවීම හරහා අප තුළ මතුව ඇත්තේ කම්පනයකි. කනගාටුවකි. වේදනාවකි.”