Posted on 05.13.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් තොරතුරු වසන් කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂා අමාත්‍යංශය පවසයි.
අප්‍රේල් 22 කොරෝනා ආසාදිත වූ පළමු නාවික හමුදා සෙබළා හඳුනා ගැනීමෙන් පසුව වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ රණවිරුවන් PCR පරීක්ෂණවලට භාජනය කළ බවද ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
ඇතැම් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා කළ තොරතුරු ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න සඳහන් කර ඇත්තේ නාවික හමුදාවද ඇතුළත්ව ත්‍රිවිධ හමුදාවම කොරෝනා ආසාදනය වූ ආරක්ෂක අංශ සාමාජිකයන් පිළිබඳවත්, පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳවත් සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවයි.