Posted on 01.27.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාතාලය අදින් වඅසන් යැයිද වහාම අවි භාර දෙන ලෙසද තරජනයකර ඇමතිධුරය බාරගත්
මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පසුගියදා පානදුර ප්‍රදේශයේ මහමඟදී ත්‍රිරෝද රියක් නවතා පුද්ගලයකු මරා දැමීම ගැන නිහඬය.
පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී පසුගිය 25වනදා උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා තවත් අයෙකු සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මුහුණු ආවරණ සහිත හිස්වැසුම් පළඳා යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම වෙඩි තැබීම කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
අද දිනයේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගැටුමට මත්ද්‍රවය සම්බන්ධ ආරවුලක් හේතුවී ඇති බවයි. එසේම මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇතැයිද පැවසේ.
මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර සිය ඇමති තනතුරේ වැඩ භාර ගනිමින් පැවසූවේ මෙරට පාතාලයේ යැයි කියන අයට වහාම අවි භාර දෙන ලෙසත් එසේ නොකරන්නේ නම් කළ යුතු දේ තමන් විසින් ක්‍රියාත්මක කරන බවයි.
ඔහු කරන ලද ප්‍රකාශය පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කළ අභියෝගයක් ලෙස මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. නමුත් ඇමතිවරයා වැඩ භාරගෙන මාස කිහිපයක් ගතව ඇතත් තවමත් පාතාල සාමාජිකයන්ට බියෙන් සැකෙන් තොරව මහ දවාලේ මිනීමැරීමට අවස්ථාව තිබෙන බව පානදුර ඝාතනය හරහා පැහැදිලිවේ.