Posted on 01.11.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
තමන්ට ජනාධිපති ලෙස නොව පසුගිය ආරක්ෂක ලේකම් සමයේ මෙන් සැරෙන් සිටිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබුණි. තමන්ට චරිත දෙකක් ඇති බවද ඔහු එහිදී පැවසීය.
ඒ ආකාරයෙන් එනවානම් ඒ ආකාරයෙන් පිළිතුරු දීමට සූදානම් බවද උදාහරණයකට ආරක්ෂක ලේකම් සමයේ තමන්ට පිත්තල් හන්දියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල කර වැඩ පටන් ගත් ප්‍රභාකරන්ව බල්ලෙක් ලෙස හතරගාතයෙන් උස්සගෙන ඒමට සැලසූ බවත් ජනාධිපතිවරයා පවසා තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එහිදී කළ ප්‍රකාශය මාධ්‍යවේදින් විසින් වාර්තා කළේ මෙසේය.
“පාර්ලිමේන්තුවේ දැක්කානේ පහුගිය දවස්වල හරීන් ප්‍රනාන්දු කියලා මන්ත්‍රීවරයෙක් කතා කරපු විලාසය. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වන්නේ. නන්දසේන කියලා. ඔව් මම නන්දසේන ගෝඨාභය. හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගෙත් චරිත දෙකක් තියෙනවා. සමහර වෙලාවට හාමුදුරුවරු මට කියනවා, අපිට ඕනේ ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන. ටිකක් සැරෙන් ඉන්ඩ ඕනේ කියලා. ඒකත් කරන්ඩ පුළුවන්. ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්. දැක්කනේ මට අර පිත්තල හන්දියේදී බෝම්බයක් ගහලා. ආරක්ෂක ලේකම් හැටියට ඉන්න කාලේ ප්රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි මමත් ඒක ඉවර කළේ බල්ලෙක් වගේ හතරගාතේ දාලා නන්දිකඩාල් කලපුවේ උස්සගෙන ආවේ. ඒ තත්ත්වයට ගෙන එන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් චරිතයක්. දේශපාලනය කරන්නට පුළුවන්. විපක්ෂයත් දේශපාලනය කරන්නට ඕනේ. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වන සාධාරණ දේශපාලනය ඕනේ කරන්න.”
පසුගියදා අම්පාරේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මෙලෙස තර්ජනාත්මකව පිළිතුරු දෙනු ලැබුවේ ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකටයි. එහිදී හරීන්ද්‍ර ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය විවේචනයට ලක් කරමින් කතා කර තිබුණි.