தமிழ்
English
Contact
Friday 3rd May 2019    
නිලඇදුම් වවුචර් ක්‍රමය විදුහල්පතිවරුන්ට වාසි උල්පතක් - අකිල විරාජ් කාරියවසම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිලඇදුම් වවුචර් ක්‍රමය විදුහල්පතිවරුන්ට වාසි උල්පතක් – අකිල විරාජ් කාරියවසම්



පාසල් සිසු දරුදැරියන්ට නිල ඇදුම් සදහා වවුචර් ලබාදීමේ ක්‍රමය නිසා විදුහල්පතිවරු ඇතුලු පාසල්වල පාලන නිලධාරින්ට විවිධ දූෂිත අරමුණු ඉටුකරගන්නට අවස්ථාව සැලසෙන බව අධ්‍යාපන අැමති අකිල විරාජ් කාරියවසම් පිලිගෙන තිබේ.

ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් විසින් නිල ඇදුම් රෙදි මිලදී ගැනීමේදී තමන් විසින් නම්කරන වෙළඳ ආයතන වෙත යන ලෙස බලපෑම් සිදුකරන බවට දෙමව්පියන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කළ පැමිණීලි සම්බන්ධයෙන් ඇමතිවරයා පවසන්නේ ඒ සම්බන්ධව නිකුත් කර ඇති 41/2018 චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙස පාසල් කලමනාකාරිත්වයට නියෝගකර ඇති බවද අවධාරණය කරමිනි. කෙසේවෙතත් පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී නිල ඇදුම් රෙදි ලබාදීමේ දී සිදු වූ වංචා දූෂණ වළක්නේනට සහ අතරමැදියන්ගේ ගසාකෑමකින් තොරව සෘජුවම පාසල් දරුවන් වෙත සහන ලබා දීමේ අරමුණින් නිල ඇදුම් වවුචර ක්‍රමය හදුන්වා දුන් බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරයි. එහෙත් මේ වවුචර් ක්‍රමයද පාසල් බලධාරින්ගේ දූෂිත අරමුනුවලට අනුබල දෙන්නක් බව මෙයින් ඇමතිවරයා පිලිගෙන ඇත. වංචා දූෂණ වැළැක්වීමට කටයුතු කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීමෙන් සපුරාගත නොහැකි බව ඇමතිවරයා නොදන්නවා විය නොහැකිය. පාසල්වල මුදල් අයකිරීමට නීති සකස්කර අධ්‍යාපනයේ මුලු බර මව්පියන් කරමතට පටවන ආණ්ඩුව, මෙවැනි වංචා දූෂණ මීටත් වඩා මහා පරිමාණයෙන් සිදුවන ක්‍රමයකට පාර කපමින් සිටී.

අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් අධ්‍යාපන බලධාරින්ට නිකුත් කරන ලද ලිපිය පහත පළ වේ.