தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
මහින්දට ගමේ දරුවන් ගැන දුක හිතිලා! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මහින්දට ගමේ දරුවන් ගැන දුක හිතිලා!



හිටපු ජනාධිපති විසින් සිදුකර ඇති ප්‍රකාශය අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය කටයුතු කරන්නේ නම් ගමේ දරුවාටත් තම දක්ෂතා තුලින් නගරයේ ජනප්‍රිය පාසල්වලට ඇතුලත් වීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් තිබිය යුතුය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ඊයේ (29) පස්වරුවේ අළුබෝමුල්ල එස්.මහින්ද විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවති පාසල් ළමුන් 500ක් සඳහා පාසල් උපකරණ ලබා දීමේ උත්සවයට එක්වෙමින් ඒ බව පැවසීය. මෙවැනි ද්‍රව්‍යාධාර ලබාදීම කාලයක් දේශපාලකයන් විසින් සිදුකරන නමුත් පාසල්වලට අවශ්‍ය උපකරණ ලබාදීමේ විධිමත් ක්‍රමයක් කිසිදු ආණ්ඩුවක් විසින් ක්‍රියාවට නගා නැත. ඒ වෙනුවට රාජ්‍ය ප්‍රතිපාදන කප්පාදුව දිගින් දිගටම සිදුකර ඇත. ගමේ දරුවන් නගරයේ පාසල්වලට යැවීම පිළිබද කිඹුල් කදුළු හෙළන මහින්ද රාජපක්ෂ 2005 සිට 2014 දක්වා ජනාධිපතිවරයා ලෙස සිටියදී මෙම පාසල් ගැටලු විසදන්නට අවශ්‍ය අධ්‍යාපනයේ ප්‍රතිපාදන වැඩිකිරීමට පියවර ගත්තේ නැත. ඒ වෙනුවට තව තවත් ජනප්‍රිය පාසල් ක්‍රමය පවත්වාගෙන යාමේ කටයුතු ඔහුගේ පාලන කාලය තුළ සිදු විය.

5 ශිෂ්‍යත්වය අහෝසි කිරීමට යෝජනා කරමින් ජනප්‍රිය ඉල්ලීමක් සිය දේශපාලන ප්‍රතිරූපය ඔසවා තැබීමට පාවිච්චි කරමින් වත්මන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට පහර ගැසීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරයා මෙසේ කිඹුල් කදුළු හෙළන බව පැහැදිලිය.