නුවරඑළිය මහරෝහල විවෘත නොකිරීම ගැන රාජිතට චෝදනා!

නුවරඑළිය නව මහ රෝහල විවෘත නොකිරීම සම්බන්ධව චෝදනා එල්ල වීමෙන් පසුව කලබල වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමතිරාජිත සේනාරත්න එය ඉදිරි මසෙ දෙකක් තුළ විවෘත රකන්නට කටයුතු කරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත.  

නෙදර්ලන්තයේ ආධාර ව්‍යාපෘති යටතේ යුරෝ මිලියන 39.6 ක මුදලක් වැය කරමින් නුවරඑළිය නව මහ රෝහල ඉදි කර අවසන් වුවද අඩුපාඩු රැසක් පවතින බැවින් නිසි ලෙස විවෘත කිරීම දුෂ්කර වී ඇත. මේ අඩුපාඩු විමසා බලා රෝහල කඩිනමින් විවෘත නොකිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අගමැතිවරයා විසින් සෞඛ්‍ය ඇමතිවරයාට දෝෂාරෝපණය කර ඇත. අගමැතිවරයා අවුරුදු නිවාඩුව සදහා නුවරඑළි්යේ සිටින කාලය තුළ එක්තරා භික්ෂුවක් විසින් මෙම රේහල ජනතා අයිතියට නොපැවරෙන්නේ රාජිතගේ දින ප්‍රශ්නයක් නිසා බව පවසා ඇත. ඇත්ත වශයෙන්ම දින නැති බව පවසමින් රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කල් ගෙන ඇති බව පසුව අනාවරණය විය.
ඉදිරි දෙමස තුළ විවෘත කරන බව

මෙම රෝහල විවෘත නොකිරීම පිළිබඳව සොයාබැලීමේදී එහි රෝගීන් අතැුළත් කරන ඒකකය පවා උපකරණ සැපයුම් අඩුපාඩු නිසා අසම්පූර්ණව පවතින බව අනාවරණය විය. මීට අමතරව ගොඩනැගිල්ලේ රෝහලේ බිත්ති පිපිරුම් හා බිම ටයිල් කැඩීයාම් නිරීක්ෂණය වී තිබේ.
කොන්ත්‍රාත්කරුවන් තේරීමේදී නිසි ප්‍රමිතියෙන් ඉදිකිරීම්වලට වගකියන ව්‍යාපෘතියක් බවට පත් කිරීම වෙනුවට කොමිස් මත කොන්ත්‍රාත්කරුවන් තේරීම නිසා මෙය සිදුව ඇති නමුත් සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේ කොන්ත්‍රාත් සමාගමෙන් ප්‍රධාන ගොඩනැඟිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර ගැනීම ද ඉදිරි දිනවල දී සිදු කිරීමට නියමිත බවය.

Chandana Sirimalwatte :