‘සුරක්ෂා’ රක්ෂණය සඳහා වෙන්කළ මුදල් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අවභාවිතය කිරීම සහ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ආශ්‍රිතව සිදුව ඇති වංචාවන් සම්බන්ධ රාජ්‍ය ආයතනවල දූෂණ හා අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට අනුබද්ධ පොලිස් ඒකකය හමුවේ විජයදාස රාජපක්ෂ ප්‍රකාශයක් ලබා දී තිබේ.
මෙම ජනාධිපති කොමිසම 2015 ජනවාරි 15 සිට 2018 දෙසැම්බර් 31දක්වා සිදුව ඇතැයි සැළකෙන මහා පරිමාණ දූෂණ සහ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
මෙම ජනාධිපති කොමිසම 2014 වසරේ සිදුවූ කිරි දෙනුන් ආනයනය කිරීමක් සම්බන්ධව, මතබේදයට තුඩුදී ඇති පියයයුරු පිළිකා සඳහා නිර්දේශිත රුසියාවේ නිෂ්පාදිත ඖෂධයක් ආනයනය කිරීම සහ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ගොඩනැගිල්ලක් කුළියට ගැනීමේදී රජයේ මුදල් අවබාවිතය වැනි සිදුවීම් ගැන පරීක්ෂණ පවත්වයි.