தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
නොත්‍රදාමයේ කුදා හඩා වැළපේ! - දේවස්ථානයේ ගින්නට හේතුව අබිරහසක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නොත්‍රදාමයේ කුදා හඩා වැළපේ! – දේවස්ථානයේ ගින්නට හේතුව අබිරහසක්



ලොව ප්‍රකට නෝත්‍රදාම් කතෝලික දේවස්ථානයේ හටගත් ගින්නක් හේතුවෙන් දේවස්ථානයේ වහලය අයත් කොටස් ගින්නෙන් දැවී විනාශ විය.
දේවස්ථානයේ වහලය අයත් කොටසේ භාගයක් පමණ හා එහි සවිකර ඇති ප‍්‍රධාන සීනුවද මෙම ගින්නට අසුවී විනාශ වී තිබේ. 4වැනි සියවසට අයත් පෞරාණික සුප‍්‍රසිද්ධ දේවස්ථානයේ වහලය අළුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින ඊයේ (15) සවස 6.30 ට පමණ දේවස්ථානයේ සවිකර ඇති ගිනි ආරක්ෂිත නලා නාද වනවිට අළුත්වැඩියා වැඩ බිමේ සේවකයෝ එදින වැඩ අවසන් කර නිවෙස් බලා ගොස් සිටියහ.
ගින්න ආරම්භ වන මොහොත වනවිට විශාල සංචාරකයන් සංඛ්‍යාවක් එය නැරඹීමට පැමිණ සිටි අතර ඒ් සියල්ලෝම ආරක්ෂාකාරී ලෙස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබිණි. ගිනි නිවන භටයන් 200ක් පමණ මෙම ගින්න මැඩ පැවැත්වීමට යෙදී සිටියහ. කෙසේ වෙතත්අයොදනු ලැබුවද අදදින අලූයම 2.00 වන විට දේවස්ථානයේ වහලය මත සිට අහසට විහිදුණු උල් හැඩැති පෞරාණික කොටස සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබිණි.
ඉපැරණි ප‍්‍රංශ ගොතික් කලාවෙන් යුක්ත අති විශිෂ්ඨ ගෘහ නිර්මාණාත්මක ලක්‍ෂණ නිසා ‘ප‍්‍රංශයේ හදවත’ ලෙස සලකන මෙම දේවස්ථානයේ ඉදිකිරීම් වර්ෂ 1163 දී ආරම්භ කර වර්ෂ 1345දී අවසන් කර ඇත්තේය.
ලෝක ප‍්‍රසිද්ධ ප‍්‍රංශ ජාතික නවකතාකරුවෙකු, කවියකු, නාට්‍ය රචකයකු වන වික්ටර් හියුගෝ විසින් රචිත, වර්ෂ 1831දී ප‍්‍රකාශයට පත්කෙරුණු, Notre-Dame de Paris (පැරීසියේ අපේ මව) නම් ලෝක ප‍්‍රසිද්ධ ඵෙතිහාසික නව කථාව හේතුවෙන් මෙම දේවස්ථානයතව තවත් ලෝක අවධානය දිනා ගත්තේය. අදටත් අනුවේදනීය පෙම්වතකු ලෙස ගෞරවයට පත්වන ‘නොත්‍රදාමයේ කුදා’ චරිතය ඔහු විසින් ඒම කෘතියේදී නිර්මාණය කර ඇත්තේ නොත්‍රදාම දේවස්ථානයේ සීනු නාදකරන පුද්ගලයකුගේ සත්‍ය කතා පුවතක් ඇසුරිනි.
දේවස්ථානයට ගින්නෙන් සිදුවී ඇති අලාභය පිළිසකර කිරීම සඳහා යුරෝ මිලියන 150 ක් (රුපියල් කෝටි 30,000 ක් ) පමණ වැය වන බවට ගණන් බලා ඇත. සංචාරක ආකර්ෂණය අතින් පැරීසියේ අයිෆල් කුළුනට පමණක් දෙවැනි මෙම දේවස්ථානයට වාර්ෂිකව සංචාරකයන් ලක්ෂ 140 ක් පමණ පැමිණෙන බව සංචාරක වාර්තාවල සඳහන්ය.
මෙම විනාශකාරී ගින්න ඇතිවීමට හේතුව සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර තවමත් ගිනිගැනීමට බලපා ඇති ආසන්නම හේතුවක් සොයා ගැනීමට අපොහොසත් වී තිබේ.