தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
මුදල් ලබා ගැනීමේ අරමුණෙන් සිසිලිය ගිනි තියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මුදල් ලබා ගැනීමේ අරමුණෙන් සිසිලිය ගිනි තියයි



මුදල් ලබා ගැනීමේ අරමුණෙන් ගිනි ඇවිලවීමේ සිදුවීමක් පිළිබදව ඉතාලියේ සිසිලි ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතාලි පොලීසිය විසින් ස්වේච්ඡාවෙන් ගිනි නිවීමේ කටයුතුවලට සම්බන්ධව සිටින පිරිසක් විසින් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් ගිනි තැබීමේ සිද්ධීයක් පිළිබදව සැක කර පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගින්න  පිළිබදව කරන ලද පරීක්ෂයෙන් පසුව අනාවරණය කරගෙන තිබෙන්නේ මෙම පිරිස ගින්න ඇවිලවීම කර ඇත්තේ මුදල් ලබා ගැනීමේ අරමුණෙන් බවයි.

මෙම පිරිස හදිසි ගිනි ගැනීමක් පිළිබදව සිසිලිහි පිහිටි ගිනි නිවීමේ ආයතනයේ දුරකතන අංකවලට විවිධ නම්වලින් දැනුම්දීමෙන් පසුව කරන ලද සොයා බැලීමෙන් පසුව මෙම  සැක කටයුතු තත්වය මතුව ඇත.

වාර්තා වන අන්දමට මෙම ස්වේච්ඡා ගිනි නිවීමේ සේවකයින්ගේ මිතුරන් හා ඥාතීන් විසින් දිගින් දිගටම මෙම හදිසි ගිනි නිවීමේ දුරකතන අංකයන්ට හදිසි ගිනි ගැනීමක් පිළිබදව දැනුම්දී ඇති බව වාර්තාවේ. ඒ පිළිබදව කරන ලද පරීක්ෂන් පසුව තහවුරුවී ඇත්තේ සැලසුම් සහගතව මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට මොවුන්ද හවුල්ව අති බවයි

මෙසේ දැනුම් දෙනු ලබන පිරිස්වලට යම් මුදලක් ලැබීමේ ප්‍රතිපාදන සලසා අති අතර මේ පිරිස උත්සාහ කර තිබෙන්නේ සිය හිතමිතුරන් හා ඥාතීන් ලවා එම අරමුදල් ලබා ගැනීමේ අරමු‍නණන් බවයි.