Posted on 03.18.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ යන්ත්රයක දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි ලංවීම තොරතුරු හෙළි කරයි.
අද (18) පෙරවරුවේ නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ හදිසි තාක්ෂණික දෝෂයක් නිසා පෙරවරු 11.00ට පමණ සිට මෙගාවොට් 270 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වීමෙන් විදුලිය විසන්ධී වීමක් සිදුවිය. මේ අතර කොළඹ වරායේ සිට ක්රියාත්මක කෙරෙන මෙගාවොට් 60ක් ජනනය කරන පාවෙන ඩීසල් බලාගාරයද මීට සතියක පමණ කාලයක සිට ක්රියාවිරහිත වී තිබේ. එසේම වියළි කාලගුණ තත්වය නිසා ජල විදුලියජනනය 50%ක් පමණ අඩුවීම නිසා විදුලි සැපයුම අර්බුදයකට ලක්ව තිබෙන බවද විදුලි බල මණ්ඩලයේ ප්රකාශකයකු පවසයි.
මේ අතර නොරොච්චෝල බලාගාරයේ දෙවන යන්ත්රය ක්රියාවිරහිත වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතිය පාලනය කර ගැනීම සඳහා ප්රදේශ කිහිපයක විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුව ඇත.