தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
නොවැම්බරයේදී උද්ධමනය සියයට 1.0 න් ඉහළට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නොවැම්බරයේදී උද්ධමනය සියයට 1.0 න් ඉහළට



මේ වසරේ නොවැම්බර් මාසයේදී මතුපිට උද්ධමනය( Headline Inflation)සියයට 1.0ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඔක්තෝබර් මාසයේදී 0.1ක අගයක පැවැති මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට 1.0ක් වෙමින් පහළ යන ප්‍රවණතාව වෙනස් කර ඇත.

මතුපිට උද්ධමනය යනු සියලු ආහාර, තෙල්, ගෑස් ඇතුලු පාරිභෝගික භාණ්ඩවල මිල ඇසුරෙන් කරන ලද ගණන් බැලීමයි.

මේ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 =100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේදී එලෙස සියයට 1.0ක අගයක වාර්තා කර ඇත.

නොවැම්බර් මාසයේ දී ලක්ෂ්‍යමය උද්ධමනයේ දක්නට ලැබුණු ඉහළ යෑම සඳහා සඳහා ආහාර මිල ගණන්වල ඉහළ යෑම ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට -6.6 සිට මේ වසරේ නොවැම්බර් මාසයේදී සියයට -3.9ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේ වුවත් ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 5.8 සිට නොවැම්බර් මාසයේදී සියයට 5.2ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්ෂික පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සියයට 3.3 සිට නොවැම්බර් මාසයේදී සියයට 2.7ක් දක්වා පහළ ගොස් ඇති බව ද මහ බැංකුව පෙන්වාදෙයි.