Posted on 04.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වන විනාශයන් සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුම් කරන අවස්ථාවේදී ඒ සඳහා ගුවන් හමුදා සහය ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා තිබේ. මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි මේ බව ගුවන් හමුදාපතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර වෙත දැනුම් දී තිබේ.
වනාන්තර අභ්‍යන්තරයේ සිදුවන පරිසර විනාශයන් පිළිබඳ ගුවනින් අධ්‍යනය කර වැටලීම් සිදුකිරීම එහි අරමුණ බව වාර්තා වේ.
රටේ යම්කිසි ක්‍රියාවලියක් නිසිපරිදි සිදුනොවන අවස්ථාවලදී ඒ සඳහා හමුදාව යෙදවීමෙන් එම ක්‍රියාවලිය නිසි පරිදි සිදුකළ හැකි බව ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම මේ ආණ්ඩුව විශේෂ ලක්ෂණයක් බවට පත්ව තිබේ. රටේ හාල් ප්රශ්නය විසඳීම සඳහා, කොවිඩ් මර්දන වැඩසටහන සඳහා වැනි රටේ විවිධ ගැටලු කාරී තත්ත්ව උද්ගතවූ බොහෝ අවස්ථාවලදී සිවිල් නිලධාරීන් වෙනුවට හමුදා නිලධාරීන් පත්කරනු දැකිය හැකිවිය. නමුත් දැන් දැන් ජනතාවට තේරුම් යමින් ඇත්තේ හමුදා නිලධාරීන් පත්කිරීම හරහා කිසිවක් සිදුනොවන බවයි.