Posted on 04.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ගාල්ල, නෙළුව, ලංකාගම සහ නිල්වැල්ල ගම්මාන යාකරමින් නාවික හමුදාව විසින් ඉදි කරණ ලද ලංකාගම නිල්වැල්ල පාලම දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගීත්වයෙන් පසුගියදා (10) විවෘත වී තිබේ.
දකුණු පලාත් සභාවේ ප්‍රතිපාදන මත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුලි මස 28 වන දින මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරී ඇත.
ආණ්ඩුව විසින් සිංහරාජය වනය ආශ්‍රිතව පිහිටි ලංකාගම ආසන්නයේ මෑතක සිට විවිධ ව්‍යපෘති ගණනාවක්ම සිදුකරමින් සිටියි. තවත් ඒවා සිදුකිරීමට සැලසුම් කරමින් සිටියි. ආණ්ඩුව විසින් සිංහරාජ වනය සිය වාණිජ සැලසුම් වෙනුවෙන් ක්‍රමානුකූලව පරිහරණය කිරීමේ දිගුකාලීන සැලැස්මක් ක්‍රියාවට නගමින් සිටින බව පරිසරවේදින් හා වාමංශිකයන් චෝදනා කළේ පසුගිය කාලයේ සිංහරාජ වනය මැදින් මාර්ග ඉදිකිරීම් සිදුවන අවස්ථාවේදීමය. පළමුවරට රාජපක්ෂ පාලනය යටතේ මෙවැනි මාර්ගයක් ඉදි කිරීම නිසා සිංහරාජ වනය දෙබෑ කිරීම සිදුවන බව පවසමින් ගෙන ආ විරෝධය නොතකා හැරිණි. ඉන්පසුව ලංකාගම මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධ පසුගිය වසරේ විරා්ධය නොතකා හමුදාව යොදවා කළ ඉදිකිරීම් නිසා වනයේ විශාල විනාශයක් හා සෝදාපාලුවක් සිදුව ඇත.
එහෙත් ආණ්ඩුව ඒ සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ප්‍රදේශයේ ජනතාවට මාර්ග අවශ්‍යතා සඳහා මෙම මාර්ග සංවර්ධනය සිදුකරන බවය. අවසානයේ ලංකාගම මාර්ගය ඉදිකරනු ලබන්නේ මෙම ජලාශ ව්‍යාපෘතියේ මූළික සැපයුම් හා පවාහන කටයුතු සඳහා යටිතල පහසුකම් සැපයීමට බව හෙළිව ඇත.