Posted on 01.02.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දේශපාලන පත්වීම ලැබ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල තානාපති ධූරයන් හි කටයුතු කරන රාජ්‍යතාන්ත්‍රිකයින් සියලූ දෙනා යළි ශ්‍රී ලංකාවට පැමිණිමේ කාලය ලබන 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දැනුම් දී ඇත.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා මෙම සියලු රාජත්රාන්ත්රිකයින නැවත පැමිණිය යුතු බව මීට පෙර දන්වා තිබුණද එය එසේ සිදුනොවූ හෙයින් නැවත 15 වැනිදාට එම දින දීර්ඝ කර ඇත.
තානාපතිවරුන් කිහිපදෙනෙකු තමන් නැතිව තානාපති කාර්යාල පවත්වා ගෙන යා නොහැකි බව අඟවමින් තමන් තවත් කාලයක් එම තානාපති ධූරවලය කටයුතු කිරීමට අවස්ථාව දෙන ලෙසටද විදේශ සබඳතා අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයිද වාර්තා වේ.
මේ වනවිට ඉන්දියාව , රුසියාව , ඕස්ටේ්රලියාව , දකුණු අප්‍රිකාව , ජපානය , චීනය , නෝර්වේ , ප්‍රංශය , ඉතාලිය සෞදි අරාබිය , කටාරය , මාලදිවයින , පකිස්ථානය , මියන්මාරය , බංග්ලාදේශ්‍ය , ඇෆ්ඝනිස්ථානය , පලස්තීනය , කෙන්යාව , ඉරානය යන රටවල තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ලෙස කටයුතු කරමින් සිටිනුයේ පසුගිය රජය යටතේ දේශපාලන පත්වීම් ලැබූවන් බව වාර්තා වේ.
දේශපාලන පත්වීම් ලැබ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ පිරිස් යළි කැඳවීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් කඩිනමින් පත් කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර තිබේ