Posted on 08.16.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා වසංගතය නිසා මෙරටට පැමිණමේ අරමුණෙන් විදේශගත ගාකිකයන් 40,000ක් පමණ රටවල් ගණනාවක අසරණව සිටිද්දී එම රටවල යම් මැදිහත්වීමක් කරමින් සිටි නිලධාරින් මෙරටට කැඳවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දී ඇති බව ගෝඨාභය -මහින්ද ආණ්ඩුවේ නව කම්කරු ඇමති නිමල් සිරිපාල පවසයි.
මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවක සේවයේ නිරතව සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලු සේවකයන් මෙරටට කැඳවන බව කම්කරු ඇමතිවරයා පවසයි.
මේ වනවිට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මූල්‍ය අර්බුද රැසක් මතුව ඇති බව පවසන ඇමතිවරයා වියදම් කපාහැරීමේ අරමුණෙන් එම සේවකයන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව පැවසීය. ඔහු මේ බව පැවසුවේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
මේ අනුව, මැදපෙරදිග ඇතුළු රටවල දැනට අකාර්යක්ෂමව වුවද මෙරට විදේශ ශ්‍රමිකයන්ට සේවාව සපයන්නට වගකීම ඇති විදේශ සෙවා කාර්යාංශ ශාඛා කාර්යාල සියල්ල වැසී යනු ඇති බව දැනගන්නට ඇත.
මැදපෙරදිග කොරෝනා වසංගතය උත්සන්න වෙද්දී ලාංකික විදේශ ශ්‍රමිකයන් සිය ජීවි. අවදානම සම්බන්ධයෙන් කරුණු දක්වමින් තමන් ලංකාවට කැඳවාගන්නා ලෙස ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ වගකිවයුත්තන්ට ඉල්ලීම් කළද ඒවා සැලකිල්ලට ලක් නොවිණි. මේ වනවිට ලංකාවේ කොරෝනා මරණ 11කට සීමාකර ගත් බවට ආණ්ඩුව පුරසාරම් කියයි. මැතිවරණ සමයේ ඒම පුරප්පට්ටුව වයමින් ජනතාවගේ ඡන්ද ගන්නට ආණ්ඩුව ථ්සාහ කරනු දක්නට ලැබිණි. ඇත්ත තත්වය නම්, සමස්තයක් ලෙස විදේශගත ලාංකිකයන් 35 දෙනකුට වැඩි පිරිසක් කොරෝනා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් විදේශයන්හිදී මරණයට පත්ව ඇත. වාර්ෂිකව බිලියන 7ක විදේශ විනිමයක් උපයා දෙන ලාංකික විදේශ ශ්‍රමිකයන්ගේ ජිවිත ගැන පාලකයන්ට සැලකිල්ලක් නැති බව කොරෝනා වසංගතය පැවති මාස ගණන තුළ මනාව පැහැදිලි විය. එහෙත් ප්‍රභූ පවුල්වල විදේශගත සාමාජිකයන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් යානා යැවීමද හමුදා කන්ඩායම් සේවයට යවමින් විශේෂ මෙහෙයුම් සිදුකිරීමද දක්නට ලැබිණි.
තවමත් දහස් ගණනක් ලංකාවට එන්නට බලා සිටියදී විදේශ සේවා කාර්යාල අකර්මණ්‍ය කරමින් වියදම් කප්පාදුවට පමණක් ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන්නට සැරසෙන බව පෙනී යයි.