தமிழ்
English
Contact
Monday 6th May 2019    
ප්‍රංශ ටෙනිස් තරගාවලියෙන් සෙරීනා විලියම්ස් ඉවතට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රංශ ටෙනිස් තරගාවලියෙන් සෙරීනා විලියම්ස් ඉවතට



මෙවර ප්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත්වීමට ෂෙරීනා විලියම්ට සිදුවූවාය. ප්‍රංශ වීවෘත ටෙනිස් තරගාවලියේ හතරවන වටයේ තරගයක් මාරියා සරපෝවා හා ෂෙරීනා විලියම් අතර පැවැත්වීමට නියමිතව තිබුනි.

මේවනවිට තිස් හය වන වියේ පසුවන ෂෙරීනා පසුගියදා දියනියක් බිහිකලාය. ඉන් පසුව ඇය සහභාගීවන පළමු ටෙනිස් තරගාවලිය මෙයයි. පසුගිය මැයි මස 27 සිට ජුනි මේ මස 10 වැනිදින දක්වා මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වේ.

ඇය පසුගිය දින කිහිපය තුල පැවැති මූලිකවටයේ තරග කිහිපයක් ජය ගැනීමට සමත්වුවත් අවසානයෙදී ෂෙරීනා විලියම්ගේ උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.