Posted on 05.07.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය, බිම්ෂානි ජාසිංහආරච්චිට භාරදී තිබුණු පොලිස් ඔම්බුඩ්ස්මන් (දුක්ගැනවිලි) අංශය භාර කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තනතුරෙන් ඉවත් කිරීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න නියෝග කරයි.
මෙම නියෝගය අනුව ඇය යටතේ මෙම ඒකකයේ සේවය කළ නිලධාරීන්ට වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වෙත වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.
කෙසේවෙතත් මෙම නියෝගය, පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගන්නා ලද තීරණයක් බවත් නුදුරේදීම නව තනතුරකට නියෝජ්‍ය පොලිස්පතිවරිය පිහිටවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
කාන්තාවන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් කිරීමට අදාළ රෙගුලාසිවලින් ප්‍රතිපාදන සලස්වා නැති බවත් කාන්තාවන් යන වචනය එහි සඳහන් වන්නේ නැති බවත් ඒ නිසා කාන්තාවකට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් දැරිය නොහැකි බවත් සඳහන් පෙත්සමක් මේ වනවිට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වේ.
එසේම, නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි ජාසිංආරච්චි ගේ තනතුර ලබා දීමට වැඩ බලන පොලිස්පතිවරයා විසින් කළ නිර්දේශය මුදල් රෙගුලාසි උල්ලංඝණය කිරීමකැයිද ඉන් තමන්ට අගතියක් සිදු වූ බවද පවසමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙනෙකු හා පොලිස් අධිකාරී වරුන් 14 දෙනෙක් කෝටි 07ක වන්දියක් ඉල්ලා පොලිස්පතිවරයා වෙත එන්තරවාසියක් යවා තිබිණි.
ඔවුන් කියා සිටින්නේ පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය උඩ ලබා දී ඇති බිම්ෂානි ජාසිංහ ආරච්චිගේ පත්වීම උසස් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේ පටිපාටියට පටහැනි බවයි.