Posted on 09.23.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) යාපනය දිස්ත්‍රික් මන්ත්‍රි සෙල්වරාජා ගජේන්ද්‍රන්, අද නල්ලූර් කෝවිල ආසන්නයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු විසින් 1987 යාපනයේ උපවාසයකදී මිය ගිය තිලීපන් සැමරීමට කටයුතු කිරීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ආණ්ඩුව පවසයි.
තමිල් ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කළ පසුබිමක පැන නැගි අරගලයකදී විරෝධය දක්වමින් ජීවිතය කැප කළ අයකු සිහිපත් කිරීමට ඉඩ ලබා නොදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් කළ ප්‍රකාශය හාස්‍යයට ලක් කරයි.
2009 යුද්ධයෙන් ජයගත් බව පවසමින් තමිල් ජනයාගේ විනාශය දේශපාලන වාසියක් කරගත් රාජපක්ෂ රෙජීමය දිගින් දිගටම ජනතා අයිතිවාසිකම් යටපත් කරමින් ගෙන යන පාලනය ලෝකයේ චෝදනා රාශියක් මතුවීමට හේතු වී ඇත. යුද්ධයේදී මිය ගිය ඥාතීන් සැමරීමට තමිල් ජනයා ගන්නා උත්සාහයන් සන්නද්ධ හමුදා යොදවා කඩාකප්පල් කිරීම හා අත්අඩංගුවට ගැනීම දිගටම සිදු වේ.
මේ වන විටත් තමිල් ජනයාගේ ගොවි බිම්, වාසය කළ ජනපද මෙන්ම ධීවර ප්‍රදේශ ආරක්ෂක හමුදා යටතේ පවතින අතර ජනතාවගේ අයිතිවාසිකම් ඉටු කරන බවට ලෝකයට ප්‍රකාශ කිරීමෙන් ජනාධිපතිවරයා කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි, වර්ගයේ කවටයකු බවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගැනීමේ සිදුවීම මෙසේ වීඩියෝ ගතකර ඇත.