පාස්කු දින ප්‍රහාරයෙන් පසුව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක් වාගේ තම මැයි දින සැමරුම් අවලංගු කර තිබේ. ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැයි දින පෙළපාළිය සහ රැලිය නොපැවැත්වීමට තීරණයක් ගෙන තිබෙන බවයි.
පාස්තු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂක තත්වය දැඩි කිරීමට ගත් තීරණය අනුව, ඒක්සත් ජාතික පක්ෂය,දෙමළ ජාතික සන්ධානය සහ කදුරට ජනතා පෙරමුණද මෙසේ මැයි රැලි නොපැවැත්වීමට තීරණය කර ඇත.