පාකිස්ථානයේ පැවැති මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවන බවට චෝදනා

පාකිස්ථාන දේශපාලන පක්ෂ කිහිපයක් ප්‍රථිඵල පිළිනොගනී. පාකිස්ථාන දේශපාලන පක්ෂ කිහිපයක් මැතිවරණ ප්‍රථිඵල ප්‍රථික්ෂේප කරන බව ඊයේ ඉස්ලාමාබාද්හි පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

මැතිවරණ ප්‍රථිඵළ අහෝසි කළයුතු බව පවසන ඔවුන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් නැවත පැවැත්විය යුතු බවට අවධාරණය කර තිබේ. එසේ නොවන්නේ නම් දේශපාලන පක්ෂ ගණනාවක් සමග ඉදිරියේදී උද්ෂෝණවල නිරතවීමට එම පක්ෂ සූදානම් බවද එහිදී පවසා ඇත.

කෙසේ වෙතත් පාකිස්ථාන මුස්ලිම් ලීගය වන නවාෂ් ෆෙරීෆ්ගේ පකෂය මැතිවරණය ප්‍රථිපළ වර්ජනය කරනවාද නැද්ද යන්න පිළීබදව තවම තීරණයක් ගෙන නොමැති බව නවාෂ් ෆෙරී්ගේ සොයුරා වන සභාෂ් ෂරීෆ් මේ පිළිබදව අදහස් දක්වමින් මාධ්‍ය වෙත පවසා ඇත.

පසුගිය බදාදා පැවැති එරට මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ජයගත් අතර ඔහුගේ පක්ෂයට ආසන 115ක් හිමි වුවත් පාර්ලිම්න්තුවේ බහුතර බලය ලැබීමට නම් වෙනත් දේශපාලන පක්ෂයක සහාය ලබා ගැනීඹට සිදුවේ. මේ සදහා සාකච්ඡා පවත්වන බවද වාර්තාවේ.

මෙවර පාකිස්ථාන මැතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා ලෙස මැතිවරණයේදී කැපී පෙනුනේ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පක්ෂය හා හිටපු අගමැතිවරයකු වන නවාෂ් ෆෙරිප්ගේ නායකත්වයෙන් යුතු පක්ෂ දෙක අතරය. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රථිඵල වලින් ඉම්රාන් ඛාන්ගේ පක්ෂ්‍යට ආසන 115ක් හිමි වන විට නවාෂ් ෆෙරීෆ්ගේ පක්ෂයට හිමි වූයේ ආසන 64ක් පමණි.

විපක්ෂ විසින් චෝදනා කරනු ලබන්නේ යුද් හමුදාව හා පොලීසිය විසින් මෙවර මැතිවරණයේදී බරපතල වංචා සිදු කිරීමට ඉඩකඩ සලකා තිබුනු බවයි.
මැතිවරණ කොමිසම මැතිවරණ ප්‍රතිඵලවලින් පසුව පැවැති මැතිවරණය නිදහස් හා සාධාරන එකක් බවට නිවේදනය කර තිබුනි.

 

Madanayaka :