Posted on 11.21.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
දේශපාලන වියවුල්කාරිත්වය මත පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සභාගර්භයේ දේපලවලට සිදුව ඇති අලාභහානි සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද (21) දිනයේ සිදු කිරිමට නියමිතව තිබේ.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොදු දේපල හානි සිදුව ඇති අතර පාර්ලිමේන්තුවේ මයික්‍රෆෝන පද්ධතියට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා විය. මීට අමතරව සභාගර්භයේ පුටු ගණනාවකට හා පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපකරණවලට ද හානි සිදුව ඇත. කෙසේවෙතත් පසුගියදා සිදු වූ මෙම සිද්ධියෙන් ඇති වූ හානිය සම්බන්ධයෙන් මේ දක්වාත් නිශ්චිත ඇස්තමේන්තුවක් ප්‍රකාශයට පත්කර නොමැත.
ඒ අනුව හානි වූ පොදු දේපල සම්බන්ධ අද සිදුවන ගණනය කිරීම්වලින් පසුව ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගෙන තිබේ. නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට පහසුවන පරිදි එම පිළිසකර කිරීම් සිදුවන අතර මන්ත්‍රිවරු විසින් පොදු දේපළ හානිකිරීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු නීතිමය පියවරකි ගෙන නොමැත. සාමාන්‍යෙයන් නගර වීදිවල විරෝධතා සිදුකරන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ට නඩු පවරන්නට පොලිසිය යොදාගන්නා ප්‍රධාන නීතියක් වන්නේ පොදු දේපළ හානි කිරීමය. ඇතැම් අවස්ථාවල පොලිසිය ශිෂ්‍යයන්ට පන්න පන්නා පහර දෙන අවස්ථාවලදී සිදුවන හානිවලට පවා චෝදනා එල්ල වන්නේ විරෝධතා සිදුකළ පාර්ශ්වයටය.