Posted on 07.13.2018 by Chandana Sirimalwatte in උණුසුම් පුවත්, දේශීය පුවත් with 0 Comments
අද(13) යාපනේ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගත් ලලිත් කුමාර් හා කුහන් මුරුගානන්දන් අතුරුදන් කිරීමට අදාළ හබයාස්කෝපුස් විභාගය ඔක්තෝබර් 19 වැනිදා දක්වා කල් තබන්නට විනිසුරුවරයා පියවර ගත්තේය.
මෙවර නියමිතව තිබුණේ 2012 දෙසැම්බර් 10 වනිදා යාපනේදී අතුරුදන් කළ ලලිත් හා කුහන් දේශපාලන ක‍්‍රියාධරයන් භාවිත කළ ජංගම දුරකථනවල ඇමතුම් විස්තර දුරකථන සමාගම්වලින් ලැබී ඇති ආකාරයට රජයේ නීතිඥයා විසින් හරස් ප‍්‍රශ්න විමසීමයි. එහෙත් ඒ සදහා රජයේ නීතිඥයා අධිකරණයට පැමිණ සිටියේ නැත. පසුගිය අවස්ථාවේ නඩුව කල්දැමුණේ ආදළ දුරකථන ඇමතුම් විස්තර නිසි පරිදි පාර්ශ්වකරුවන් වෙත ලබා නොතිබුණු තත්වයක් යටතේය. මෙවර නඩුව කල් දමන්නට සිදුව ඇත්තේ රජයේ නීතිඥයා නොපැමිණීම නිසාය.
කෙසේවෙතත් මේ ආකාරයෙන් රජයේ නීතිඥයා නඩුවට නොපැමිණීම නිසා නඩු විභාගය මාස ගණනකින් කල් දමන්නට සිදු වේ. ඒ අනුව රජයේ නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව පිළිබද දක්වන අවධානය මෙයින් පැහැදිලි වේ.