Posted on 06.11.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ පවතින විවාහ නීතිය තුළ පවතින දුබලතා නිසා පවතින විවාහයෙන් කැමැත්තෙන් ඉවත්වන්නට සූදානම් පාර්ශ්වයකට අනෙක් පාර්ශ්වයේ බලපෑම මත සිය අයිතිය ඉල්ලා සිටීමට නොහැකි තත්වයක් උද්ගතව අැති බව අනාවරණය වේ.
මේ බව ප්‍රකාශ වූයේ පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අයිතිවාසිකම් පෙත්සම්ක් විභාග කිරීමේදීය. වසර 100කට පමණ පෙර සම්මත කරණු ලැබූ පවතින විවාහ නිතිය යටතේ දික්කසාදය ඉල්ලා සිටින්නේ නම් එය කළ යුත්තේ, විවාහයෙන් පිට ලිංගික අැසුර, ද්වේශසහගත හැරයාම සහ විවාහ සමය තුල සුව කළ නොහැකි ෙබලහීනතාවය යන සාධක තහවුරු කිරීම මත පමණකි. එසේ වුවද එක් පාර්ශ්වයක් වෙන්වන්නට කැමැත්තෙන් සිටියද අනෙක් පාර්ශ්වයේ කැමැත්ත නොමැතිව වෙන්වන්නට හැකියාවක් නොලැබේ. මෙවැනි තත්වයක් තුළ යම් පුද්ගලයකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන නිසා පවතින විවාහ නීතියේ 19 වැනි වගන්තිය සංශෝධනය කිරීමට කාලය පැමිණ අැති බවද එ් සම්බන්ධව ලංකාවේ නීති කොමිසම සහ ව්‍යවස්ථාදායකයේ අවධානය යොමු විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශය විය.