පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් විභාගයේදී වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට දිනයේදී ද පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය.