ෆේස්බුක් සමාගම ‘පෞද්ගලික දත්ත‘ ලාභ අරමුණුවලට යොදන හැටි අනාවරණය කෙරේ!

ෆේස්බුක් සමාගම විසින් එම සමාජ ජාලය භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත, වෙනත් පාර්ශ්ව වෙත නිකුත් කරමින් ඔවුන් ආරක්ෂා කරනවා යැයි පවසන දත්ත ආශ්‍රිත සදාචාර සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ‘අන්තර්ජාල වැරදි සන්නිවේදන කමිටුව‘ විසින් මේ බව අනාවරණය වී ඇත්තේ ෆේස්බුක් සමාගගමේ අභ්‍යන්තර ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කළ විශ්ලේෂණයකදී බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ෆේස්බුක් ග්‍රාහකයන් විසින් ඇතුළු කරන පෞද්ගලික තොරතුරු ඇතුළු ‘කදු ගණන්‘ දත්ත එක් පාර්ශ්වයකට හානි කිරීමටත් අනෙක් පාර්ශ්වයේ අවශ්‍යතා සදහාත් නිකුත් කර ඇති බව හෙළිදරව් කරමින් එම කමිටුව විශේෂ විශ්ලේෂණ වාර්තාවක් නිකුත් කර ඇත.

එහි සදහන් අන්දමට Netflix හා Airbnb වැනි සමාගම්වලට සිය දත්ත ලබා දෙමින් වාණිජ වශයෙන් තරගකාරී වෙනත් සමාගම් සමග වෙළෙද තරගයේදී පක්ෂග්‍ාරහිත්වයක් ෆේස්බුක් සමාගම පෙන්නුම් කර තිබේ. අභ්‍යන්තර ඊමේල් පණිවුඩ අනාවරණය කරන ආකාරයට ෆේස්බුක් සමාගමේ විධායකයන් කල්පනා කරන්නේ ෆේස්බුක් සමාජ ජාල අඩවිය භාවිත කරන්නන් විසින් තම ‘ෆේස්බුක් මුහුණුවර‘ වෙත ඇතුළු කරන දත්ත භාවිත කරමින් ඔවුන්ගේ ආකල්ප, හැගීම්, සිතුම් පැතුම් සහ රුචිකත්වයන් වාණිජ අරමුනු වෙනුවෙන් යොදාගන්නා පාර්හ්වයකට අලෙවි කිරීමෙන් ලාභ උපයාගැනීමටය. එහිදී ෆේස්බුක් පිටු සාමාජිකයන්ගේ මුහුණුවරට ඇතුළු කෙරෙන දත්ත උපායමාර්ගික වශයෙන් වැඩිම ලාභයක් උපදවාගැනීමට භාවිත කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධ විවාදයන් ඇතිව තිබෙන බවද, ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සකර්බර්ග්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ෂෙරිල් සෑන්ඩ්බර්ග් විසින් හුවමාරු කළ පණිවුඩ ඇසුරින් අනාවරණය කරගෙන තිබේ.

ෆේස්බුක් සමාජ ජාලා අඩවිය තුළ ග්‍රාහකයන් හැකිතාක් දීර්ඝ වේලාවක් රදවා ගබාගන්නා අකාරයත් හැකිතාක් ඔවුන්ගේ ආශාවන්, අනුකූලතාවන් දත්ත කදු වශයෙන් විශ්ලේෂනය කරමින් වාණිජ අරමුණු සදහා වෙනත් පාර්ශ්ව වෙත අලෙවි කරන ආකාරය ෆේස්බුක් සමාගමේ ප්‍රමුඛතාවක් වී ඇති ආකාරය අනාවරණය කෙරේ.

 

Chandana Sirimalwatte :