පාර්ලිමේන්තු කාරක සභාවේ දුම්වැටි මිල ප්‍රශ්නයට දුම්කොළ සමාගම කලබල වෙයි!

මෙරට දුම්වැටි මිල පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්නකිරීමකට ප්‍රතිචාර දක්වමින් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් වෙත ලංකා දුම්කොළ සමාගමෙන් ලිපියක් ලැබී තිබේ.

දුම්වැටි මිල ගණන් පිළිබද ලංකා දුම්කොළ සමාගමට රාජ්‍ය මුදල් කාරක සභාව ඉදිරියේ කිසියම් විස්තරයක් කිරීමට අවශ්‍ය බව දක්වමින් ලංකා දුම්කොළ සමාගමේ නීතිඥයකු යැයි කියන පුද්ගලයකු විසින් තමන්ට දුරකථන ඇමතුමක් දුන් බවද ඉන්පසුව එම අදහසම රැගත් ලිඛිත ඉල්ලීමක් තමන් නමට ලැබී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් පවසයි.

රාජ්‍ය මුදල් කාරක සභාවේදී මුදල් අමාත්‍යංශ නිලධාරින්ට කළ නියෝගයකට පෞද්ගලික සමාගමක් මෙසේ ප්‍රතිචාර දැක්වීම විශ්මයට කරුණක් බවද මෙවැනි ප්‍රශ්නයක් ඇතිව තිබෙන බව දන්නේ කෙසේදැයි තමන් ඔහුගෙන් විමසා සිටි බවද මන්ත්‍රිවරයා පවසයි.

Chandana Sirimalwatte :