ඊයේ (10) අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ සිටි මඟීන් 149 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනා මිය ගොස් බව නිවේදනය කර ඇත.
ගුවන් යානය කෙන්යාවේ නයිරෝබි නුවර දක්වා ගමන් ගැනීමට ඉතියෝපියාවේ ඇඩිස් අබාබා ගුවන්තොටුපළෙන් පිටත්ව මිනිත්තු කිහිපයක් ඇතුළත අනතුරට ලක් විය.
ඉතියෝපියානු අගමැති අබියි අහමඩ් විසින් මෙම ගුවන් අනතුරින් විපතට පත් වූ අයගේ පවුල් වල සාමාජිකයන්ට සිය ශෝකය පළ කරමින් ට්විටර් පණිවිඩයකින් නිකුත් කර ඇත.