தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
පාර්ලිමේන්තු ගැටුමට දඬුවම් කළොත් මන්ත්‍රී අලුත්ගමගේ මැරෙන තෙක් උපවාස කරනවලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු ගැටුමට දඬුවම් කළොත් මන්ත්‍රී අලුත්ගමගේ මැරෙන තෙක් උපවාස කරනවලු!



පාර්ලිමේන්තුව තුළ සිදුවු කලහාකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයතු කළහොත් මිය යනතුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

2018 නොවැම්බර් 14 , 15,16 යන දිනයන්වලදී කැදවන ලද පාර්ලිමේන්තු සභාවාරවලදී හටගත් ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට විරුද්ධ චෝදනා එල්ලවී තිබෙන බව මේ සිද්ධින් පිළිබඳව විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු කමිටු වාර්තාව සඳහන් කර තිබුණි. නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේද එම සිදුවීමේදී කළහකාරී ක්‍රියාවන්ට සම්බන්ධව ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇති අතර එම වාර්තාවට විරෝධය පළකරමින් මන්ත්‍රීවරය මේසේ පැවසීය.

“අපිට විරුද්ධව නඩු දාලා හිරකරන්න හදනවා. පුළුවන්නම් කරලා බලන්න. විජේකලාට එක නීතියක් අපිට එක නීතියක්. අපිව හිරේ දැම්මොත් මැරෙණකම් උපවාස කරනවා.” යැයි පැවසීය.

චෝදනා එල්ලවූ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු ගැසීම, මැතිසබේ දේපලවලට හානි කිරිම කතානායකවරයාට තර්ජනය කිරිම පොලිස් නිලධාරින්ට පහරදීම යනාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.