தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
පාර්ලිමේන්තු ගැටුම ගැන පරීක්ෂණ කරන්න පොලීසිය අවශ්‍ය නැහැ - මහින්ද පාර්ශවයෙන් විරෝධය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාර්ලිමේන්තු ගැටුම ගැන පරීක්ෂණ කරන්න පොලීසිය අවශ්‍ය නැහැ – මහින්ද පාර්ශවයෙන් විරෝධය



පසුගිය නොවැම්බර් මස පාර්ලිම්න්තුවේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලීසියට ඉඩ ලබාදීම සුදුසු නොවන බව මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

එසේම කතානායකවරයාට අදාළ සිදුවීමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට විරුද්ධව කටයුතු කිරීමට බලය ඇති බැවින් සහ එය පාර්ලිමේන්තුව තුළ සිදුවූ දෙයක් බැවින් පොලීසිය මේ සම්බන්ධව මැදිහත්වීමට ඉඩ ලබාදීම සුදුසු නොවන බව ඔහු පවසයි.

මීට අමතරව එස්. බී. දිසානායක පවසන්නේ මෙම කරුණු සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළ යුතු බවයි. එසේම පාර්ලිමේන්තු ගැටුම පිළිබඳ පරීක්ෂණ සිදුකිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් සිදුකළ යුතු බව ඔහු සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම පිළිබඳ විමර්ශන කිරීමට පත්කල පාර්ලිමේන්තු කමිටුවට අමතරව පොලීසිය විසින්ද පරීක්ෂණයක් පවත්වන බව කතානායකවරයා පවසා තිබුණි. එසේම එදින රාජකාරියේ නියුක්තව සිටි පොලිස් නිලධාරීන්ට විරුද්ධවද වෙනම පරීක්ෂණයක් සිදුවන බවත් එම පරීක්ෂණ සඳහා තමන්ට මැදිහත් විය නොහැකි බවත් කතානායකවරය පවසයි.

පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද පවතින්නේ ජනතා නියෝජිතයින් ලෙස වැඩකටයුතු කිරීමයි. එම වරප්‍රසාද යොදාගෙන රටේ පවතින නීතියට අභියෝග කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව දේශපාලන විද්වතුන්ගේ මතය වී තිබේ.