Posted on 11.20.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තුව තුළට හිංසාකාරී අවි රැගෙන ඒම, මිරිස් කුඩු ප්‍රහාරයන්, රාජ්‍ය දේපළවලට හානි කිරීම, ආදී විනය කඩ කිරීම සම්බන්ධයෙන් වහාම පරික්ෂා කර බලා පියවර ගැනීමට අදාළ අංශ වෙතින් වාර්තා කැඳවා ඇති බව පක්ෂ නායකයින්ට දන්වා තිබේ.
ඊයේ (19) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ බව පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.
පසුගිය දිනවල මහජන ගැලරියට සැලසුම් සහගතව විශාල පිරිස් ඇතුල්වූ බවට එල්ල වූ චෝදනා පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී එවන් තත්ත්වයක් තහවුරු නොවූ බවද කථානායකවරයා ප්‍රකාශ කර ඇත.