தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ව්‍යවස්ථාදායක සභාව ගැන ජනපතිගේ චෝදනාවට කතානායකගෙන් පිළිතුරු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යවස්ථාදායක සභාව ගැන ජනපතිගේ චෝදනාවට කතානායකගෙන් පිළිතුරු



අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන් පත් කිරීමේදි ජනාධිපතිවරයා නි‍ර්දේශ කළ නම් හැර කිසිදු පිටස්තර පුද්ගලයකු එම තනතුරුවලට අනුමත නොකළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කර තිබේ.

තමන් අධිකරණය සඳහා පත්කරන විනිසුරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන්නේ යයි ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ අදහස ප්‍රකාශ කර තිබේ.

විනිසුරුවන් පත්කිරීමේදි අනුගමනය කරන ‍පැහැදිලි ක්‍රමවේදයක් ඇති බවත්‍ ජ්‍යෙෂ්ඨත්වය පමණක් සලකා බැලීම එකම මිනුම් දණ්ඩ නොවන බවත් මෙම තනතුරුවලට පත් කිරීමේදි ‍‘ජ්‍යෙෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත‘ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් කතානායකවරයා පවසයි.

ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කළ ස්වාධීන කොමිසන් සභා හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව ඇති බවත් එල්ල වන විවේචන සම්බන්ධයෙන් රටට කරුණු හෙළි කළ යුතු බව ද කතානායකවරයා අවධාරණය කළේය.