தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
මමත් ජනාධිපතිවරණයකට සූදානම් - කරු ජයසූරිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මමත් ජනාධිපතිවරණයකට සූදානම් – කරු ජයසූරිය



ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ් පිළිබද වගකීම භාරගැනීමට හා සලකා බැලීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය පවසයි.

කථානායක මේ අදහස් ජනමාධ්‍යවේදින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අද(20) මල්වතු අස්ගිරි නාහිමිවරුන් හමුවීමෙන් පසුවය. පසුගිය කාලයේ ජනාධිපතිවරණය සදහා විවිධ අපේක්ෂකයන් සම්බන්ධ ප්‍රචාරයන් ඇති වුවද ආණ්ඩුවේ අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් පොදු අපේක්ෂකයකු වේද යන්න පිළිබද සංවාද ඇති විය. ආණඩ්ුව නියෝජනය කරන පොදු අපේක්ෂකයකු ලෙස කරු ජයසූරිය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමෙන් විපක්ෂයට වඩා පොදු ජනතා ඡන්ද ඒ්කාරාශි කළ හැකි බවට දේශපාලන අංශවල කතාබහට ලක් විය. මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ පාර්ශ්වයෙන් අපේක්ෂකයකු වන බව ප්‍රකාශ කළද ඒක්සත් ජනපද පුරවැසිභාවය සම්බන්ධ ගැටලුව විසදී නැත. මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිල.නි.ප. අපේක්ෂකයා බවට ඒම පක්ෂයෙන්ද ප්‍රකාශ වී ඇත. මේ පසුබිම තුළ ඒ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ ඒතරම් බලවත් ආකාරයේ අපේක්ෂකයකු නොවන බැවින් කරු ජයසූරිය වැනි පුද්ගලයකු ගැන ඇතැම් පාර්ශ්ව විසින් අපේක්ෂා පළ කර ඇත.