26/2018 “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය සහ මාර්ගෝපදේශ චක්‍රලේඛය” අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට අද (29) උපදෙස් ලබා ලබා දී ඇති බව වාර්තා වේ.
අදාළ චක්‍රලේඛය 2018 වසරේ ජූනි 22 දින නිකුත් කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුව බව පැවසේ. පාසල්වලට මුදල් එක්රැස් කිරීමේ දී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව නිලධාරීන් සඳහන් කළද, මේ හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම චක්‍රලේඛය අවලංගු කිරීමට උපදෙස් දි තිබේ.
විදුහල්පතිවරුන්ට හෝ පාසල් සංවර්ධන සමිති වලට හිතුමනාපයේ මුදල් එක්රැස් කිරීමට අවකාශ සලසමින් කටයුතු කිරීම කිසිවිටෙකත් නොකළ යුත්තක් වන බවත්, නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම වෙනුවෙන් මාපියන්ගේ සහ දරුවන්ගේ පාර්ශවය මුහුණ දෙන ආර්ථික සහ සමාජ අර්බුදයන් ද තේරුම් ගනිමින් කටයුතු කිරීමට නිලධාරීන් පියවරගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත.
පසුගිය සති කිහිපය පුරා නිදහස් අධ්‍යපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ මූලිකත්වයෙන් මෙම චක්‍රලේඛයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම්, පෝස්ටර් ව්‍යාපාර, උද්ඝෝෂණ වැනි විවිධය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණි. එසේම ඉදිරි දින තුනක කාලය තුළ ජාතික දැනුවත් කිරීමේ දින තුනක්ද ඔවුන් විසින් නම් කර තිබුණි. මෙම චක්‍රලේඛය එම අරගලවල ප්‍රතිඵල නිසා ලැබූ ජයග්‍රහණයකි. නමුත් තවත් ගැටළුවක් තිබේ.
පාසල්වල මුදල් අයකිරීම සම්බන්ධ 2018 චක්‍රලේඛය අවලංගු වන අතර ඒ වෙනුවට 5/2015 “පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම” සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ. 5/2015 චක්‍රලේඛය යනු මිට පෙර 2015 වසරේ පාසල්වල මුදල් අයකිරීම නීත්‍යනුකුල කරන ලද තවත් චක්‍රලේඛයකි. එයට අනුව පාසල්වල මුදල් අයකරන්නේ නම් අනිවාර්යයෙන් රිසිට්පාපතක් නිකුත්කරන ලෙස දක්වා ඇත. එය එසේනම් ආණ්ඩුවේ දෙමව්පියන් මත අධ්‍යපනයේ බර පටවන ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ මහා ලොකු වෙනසක් වී නොමැත.