Posted on 12.28.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පාසල් දරු දැරියන්ගේ පෙළපොත්, රාජ්‍ය නොවන සංවිධානවලට හා ඒවායේ පුද්ගලයන්ට අවශ්‍ය පරිදි සකස්කර ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.
ඊයේ (27) උදයේ වව්නියාවේදී පැවති “සමස්ථ ලංකා දහම් පාසැල් නිපුණතා – 2019” වැඩසටහනේ දී අගමැතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අතමැතිවරයා ප්‍රකාශ කළේ විදේශීය අරමුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අධ්‍යාපන ක්‍රමයට සියුම් ලෙස මැදිහත්ව සිටින බවයි.
අගමැතිවරයා ප්‍රකාශ කළේ “…. විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කළා. මං අහගෙන හිටියා.” යනුවෙනි.
පාසල්වල භාවිතාවන පෙළ පොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ විශේෂඥ මණ්ඩලයක් විසින් අධීක්ෂණය කරමින් අනුමත කරමින් පෙළපොත් මුද්‍රණය කරනු ලබන අතර මහින්ද රාජපක්ෂ පාලනය සමයේද එම ක්‍රියාදාමය එමේ සිදු විය. එහෙත් අගමැතිවරයා පවසන ආකාරයට එම පෙළපොත්වලින් පාසල් දරුවන්ගේ සිතුවලට ඇතුළු කරන මතවාද ගැන කඩිනමින්ම විමර්ශනයක් කරනු ලබන බවයි.
කෙසේවෙතත් දහම් පාසල් අධ්‍යාපනය මගින් දරුවන්ගේ සිතුම් පැතුම් පවා වෙනස් කිරීමටද කටයුතු කරන බව අගමැතිවරයා පවසා ඇත.