Posted on 06.08.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ , විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර පුද්ගලික විශ්ව විද්‍යාලයක වැටුප් ලබන උපකුලපතිවරයෙක් බව තමන්ම පිළිගෙන ඇති බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමය පවසන්නේ ආයතන සංග්‍රහයේ විධි නියමයන් පමණක් නොව මූලික සදාචාරයන්ටත් පටහැනිව සිදුවන අශිලාචාරකම ඔහුම පිළිගැනීම රටේ අධ්‍යාපනය ගැන බරපතල ප්‍රශ්නයක් ඇතිකරන බවයි.
ආචාර්ය උපාලි සේදර මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ රැස්වීමකදී පවසා ඇත්තේ තමන් පල්ලෙකැලේ SIBA පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ‘රෙක්ටර්’ ලෙස කටයුතු කරන බවයි.
එමෙන්ම මෙම පුද්ගලයා තමන් උපකුලපති ධූරය දරන SIBA පෞද්ගලික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කරන පුද්ගලයන් 40කට ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය පත්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ නිලධාරීන්ගේ සංගමය පවසා තිබේ.
දැනටමත් මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උපාලි සේදරගේ ගෝලයන් පිරිසක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ , විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ විෂය නිර්දේශ සකස් කිරීම ඇතුළු කටයුතු සඳහා බඳවා ගෙන ඇති බවද වාර්තා වේ.