Posted on 06.14.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රැකියා අභිමුඛ අධ්‍යාපන ක්‍රියාවලියක් සඳහා ආණ්ඩු කිහිපයක් විසින් උත්සාහ දැරුවද පසුගිය ආණ්ඩුව සමයේ ගෙන ගිය යෝජනාව සාර්ථක කරමින් විෂයන් 26ක් සහිත වෘත්තිය විෂයධාරාව හඳුන්වා දෙන්නට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයකර ඇත.
මෙම වසර තුළ දිවයිනේ සියලු අධ්‍යාපන කලාපවල පාසල් 423ක් තුළ නියමු වැඩසටහනක් ලෙස මෙම නව විෂය ධාරාවෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට සැලසුම්කර ඇත. ඒම විෂයන් තෝරාගන්න උසස් පෙළ සිසු දරු දැරියන්ගේ අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතුකර ඇත.
නව ලිබරල් ප්‍රතිසංස්කරණවලට අනුකූලව ශ්‍රමික පිරිසක් බිහිකර ගැනීමට පසුගිය ආණ්ඩුවලට තිබුණු ඉලක්කය වත්මන් ආණ්ඩුවට ද තිබේ. සංචාරක කර්මාන්තය තුළ බිහිවේ යැයි අපේක්ෂිත රැකියා අවශ්‍යතා සදහා වර්තමාන විෂයධාරාවල උසස් පෙළ සමත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකර්ෂණය කරගැනීමේ දුෂ්කරතා පැන නැගී ඇත. එසේ වන්නට හේතුව විද්‍යා, කලා, වානිජ වැනි විෂය ධාරාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනත් රැකියා අවස්ථා සදහා යොමුවන බැවිනි.
පවතින උසස් පෙළ විෂයයන්ට ආවේණික ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා කායික ශ්‍රමය වැයකරන අංශයෙන් ශ්‍රමිකයන් බිහි කරගැනීම අවශ්‍ය වී ඇත. එසේම නවලිබරල් ප්‍රතිසංස්කරණ යටතේ ඉල්ලා සිටින ශ්‍රම බලකායේ කොටස්කරුවන් ශාස්ත්‍රීය අධ්‍යාපනයට වඩා වෙනත් ශ්‍රමික තුසලතා සහිත පිරිසක් විය යුතු බව ආණ්ඩුවේ අදහසයි. ඒ නිසා පාසල් අධ්‍යාපනයෙන් උසස් පෙළ හදාරා පිටවන සිසු පිරිස තුළින් එම ශ්‍රමිකයන් තෝරාගැනීම අලුතින් හදුන්වා දෙන විෂයන්වල අරමුණ ලෙස පෙනී යයි. සැලසුම අනුව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසු සිසුවියන් විසින් අධ්‍යයනය කිරීම සඳහා පහත විෂයයන් 26 අතුරෙන් තෝරාගත හැකිය.